අලි රොෂාන්ට වසර 15 සිරදඬුවම්

අලි රොෂාන්ට වසර 15 සිරදඬුවම්

බලපත්‍ර නොමැතිව අලියකු සන්තකයේ තබා ගැනීම ඇතුළු චෝදනා දෙකකට වරදකරු කළ නිරාජ් රොෂාන් හෙවත් අලි රෝෂාන් නැමැත්තාට බරපතල වැඩ සහිත වසර 15ක සිර දඬුවම් ලබා දීමට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ අද නියෝග කළේ ය.

ඊට අමතරව චූදිතට ලක්ෂ 206 දඩ මුදලක් නියම කළ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල චූදිත සතුව සිටින වන අලියා රාජසන්තක කිරීමට ද නියෝග කරන ලදි.

එම නියෝගය ප්‍රකාශයට පත්කළේ කොළඹ මහාධිකරණ විනිසුරුවරුන් වන මංජුල තිලකරත්න ලංකා ජයරත්න සහ ආර්.එස්.එස්. සපුවිද යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසිනි.

වනජීවී දෙපෙර්තමේන්තුවේ තිබු අලි ලියාපදංචි කරන පොත කූඨ ලෙස වෙනස් කරමින් බලපත්‍ර නොමැති අලි පස් දෙනෙකු ලඟ තබා ගත් බවට චෝදනා කරමින් අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් සිව් දෙනෙකුට එරෙහිව නීතීපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබුණි.

පළමු විත්තිකාර නිරාජ් රොෂාන් හෙවත් අලි රෝෂාන් සම්බන්ධව එල්ල කළ චෝදනා අතරින් චෝදනා දෙකක් පමණක් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කර ඇති බව නිගමනය කළ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල සෙසු විත්තිකරුවන් තිදෙනාට එරෙහිව එල්ල කර තිබූ චෝදනාවලින් ඔවුන් නිදොස් කොට නිදහස් කිරීමට තීන්දු කරන ලදි.

2009/2015 කාල වකවානුව තුළ මහරගම, ඇරව්වල, නාවල, බත්තරමුල්ල හා ඔරුවල යන ප්‍රදේශවලදී සොරකම් කළ අලි බව දනිමින් එම අලි වංචනිකව ජාවාරම් කිරීමට කුමන්ත්‍රණය කිරීම, අලි නීතී වීරෝධී අන්දමින් ලඟ තබාගැනීම ඇතුළු අධි චෝදනා 33ක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව අපරාධ නඩු විධාන සංග්‍රහ පනත යටතේ සහ පොදු දේපළ පනත යටතේ නඩුව ගොනු කර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න