ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයේදී සභාපතිධුරය සඳහා තරග කිරීමේ අපේක්ෂාවෙන් නාම යෝජනා ලබාදී ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් වත්මන් සභාපති තිලංග සුමතිපාල ට එරෙහිව පිටු 1500 කින් යුතු විරෝධතාවක් ඉදිරිපත්ව තිබෙන බව වාර්තා වෙයි.
මෙවර නිලවරණය සඳහා සභාපතිධුරයට ඉදිරිපත්ව සිටින නිශාන්ත රණතුංග පාර්ශවයෙන් මෙම විරෝධය ගොනුකර ඇත.
ක්‍රිකට් ආයතනයේ නිලවරණයේ නාම යෝජනා සඳහා විරෝධතා දැක්වීමට නියමිතව තිබූ කාලය 22 වනදා පස්වරු 3.00 ට අවසන්වූ අතර මෙම විරෝධතා දැක්වීමේ කාලයද ප්‍රමාණවත් නොවන බව සඳහන් කරමින් මෙවර නිලවරණයේ තවත් සභාපති අපේක්ෂකයකු වන ජයන්ත ධර්මදාස ද විරෝධතා දක්වා ඇති බවද වාර්තා වෙයි.