එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහාය දැක්වීමට සහ පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් ඉවත් කොට එම ධුරයට රමේෂ් පතිරණ අමාත්‍යවරයා පත් කළ යුතු බවටත් වු යෝජනා දෙකක් ඒකමතිකව සම්මත කිරීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් බල මණ්ඩල රැස්වීමේ දී අද (01) සිදුව තිබේ.
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් අදාළ යෝජනා දෙක ඉදිරිපත් කර ඇති අතර ඒකජන්දයෙන් එම යෝජනා සම්මත වී ඇත.
මාතර පාලටුව එල්.එච්.කේ හෝටලයේ දී පැවති මෙම රැස්වීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් බල මණ්ඩලය නියෝජනය කරමින් හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්, හිටපු පළාත් පාලන ආයතන නියෝජිතයින්,ඡන්ද අපේක්ෂකයින් ඇතුළු තුන්සීයකට ආසන්න පිරිසක් සහභාගීව තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
