ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක සමඟ දශක කිහිපයක් තිස්සේ ක්‍රියාකාරී දේශපාලනයේ නියැලී සිටි හිටපු පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ එක්සත් ජාතික පක්ෂයට එක්ව ඇත.
ඊට අදාළ සාමාජිකත්වය ඊයේ (30) එක්සත් ජාතික පක්ෂයේ ලේකම් පාලිත රංගේබණ්ඩාර වෙතින් ලබාගත්තේය.ෙ
මෙම දේශපාලන තීන්දුව සම්බන්ධයෙන් නිශාන්ත ශ්‍රී වර්ණසිංහ සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබා ඇති අතර එය පහත පළවේ.
''රට ගැනත් හිතලා රටේ අනාගතය ගැනත් හිතලා මේ මොහොතේ ගන්න පුළුවන් හොඳම තීරණය ගත්තා. මායි නෝනයි දෙන්නම අද එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ගත්තා.
මගේ ජන්ම දිනයට තැබූ සටහනේදී මම කිව්වා මට ජූලි මාසය පෙරලිකාරී ප්‍රවේගකාරී උද්වේගකාරී මාසයක් වේවි කියල.. මේකත් ජාතික අරමුණක්.. ඒ වෙනුවෙන් ඉදිරි සති හත මේ ප්‍රවේගය උද්වේගය උපරිමින් තියා ගෙන තීරණාත්මක මෙම ජනාධිපතිවරණයේදී නිර්පාක්ෂික ජාතික අපේක්ෂකයා වෙනුවෙන් කැපවෙනවා.. ඉදිරියට යනවා.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
