'යුක්තිය මෙහෙයුම' ජපානයත් අගයයි

 'යුක්තිය මෙහෙයුම' ජපානයත් අගයයි

අපරාධ මර්දනය සහ මත්ද්‍රව්‍ය තුරන් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා පොලීසිය විසින් ක්‍රියාත්මක කරනු ලබන යුක්තිය මෙහෙයුම තමන් අගය කරන බව ජපාන තානාපතිවරයා ප්‍රකාශ කර තිබේ.

 ශ්‍රී ලංකාවේ ජපාන තානාපති MIZUKOSHI Hideaki සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් අතර හමුවක් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී සිදුවු අතර එහිදි තානාපතිවරයා ඒ බව පවසා ඇත.

විදේශ ගමන් බලපත්‍ර සහ වීසා නිකුත් කිරීම පිළිබඳව මෙන්ම ජාතික ප්‍රතිසන්ධාන වැඩපිළිවෙළ සම්බන්ධයෙන්ද මෙම හමුවේදී තානාපතිවරයා සහ අමාත්‍යවරයා අතර අදහස් හුවමාරු කර ගැනිණි.

මේ වනවිට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ප්‍රජා පොලිස් කමිටු වැඩසටහනේ සාර්ථකත්වය සහ එහි වැදගත්කම පිළිබඳවද ජපාන තානාපති දැනුවත් කිරිමට මහජන ආරක්ෂක අමාත්‍යවරයා කටයුතු කළේය.

ඉදිරියේදී යළිත් අවස්ථාවක ජපාන තානාපති MIZUKOSHI Hideaki සහ අමාත්‍ය ටිරාන් අලස් හමුවී ඉහත සාකච්ඡා කරන ලද කරුණු පිළිබඳව වැඩිදුරටත් අදහස් හුවමාරු කරගැනීමට බලාපොරොත්තු ඇතිව සාකච්ඡාව අවසන් වී තිබේ.

(චතුරංග මේදිස්)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න