ජනපතිගෙන් චමරිට ඇමතුමක් : කාන්තා ක්‍රිකට් පිලට කෝටියක මුදල් ත්‍යාගයක්

ජනපතිගෙන් චමරිට ඇමතුමක් : කාන්තා ක්‍රිකට් පිලට කෝටියක මුදල් ත්‍යාගයක්

දකුණු අප්‍රිකාවේ එක්දින ක්‍රිකට් තරගාවලියකින් නොදැවී ලකුණු 195ක් ලබා ගත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තුට ජනාධිපති රනිල් වික්‍රමසිංහ දුරකථන ඇමතුමක් දී සුබ පැතුම් පළ කර ඇත.

එහිදී ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ චමරි අතපත්තුට මෙන්ම සමස්ත ශ්‍රී ලාංකික කාන්තා ක්‍රිකට් කණ්ඩායමටම තම උණුසුම් සුබපැතුම් පළ කරන බවයි.

තවදුරටත් ලංකාව ලෝකය හමුවේ බැබලවීමට ධෛර්යය ප්‍රාර්ථනා කරන බවද ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

කාන්තා එක්දින ක්‍රිකට් තරග ඉතිහාසයේ ඉහළම සාර්ථක ලකුණු හඹා යාමේ ලෝක වාර්තාව බිහි කිරීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (අප්‍රේල් මස 17 වෙනිදා) සමත් විය.

එසේ දකුණු අප්‍රිකාව පරාජය කරමින් ලෝක වාර්තාගත ජයක් ලැබූ ශ්‍රී ලංකා කාන්තා එක්දින ක්‍රිකට් කණ්ඩායමට රුපියල් කෝටියකට ආසන්න විශේෂ මුදල් ත්‍යායක් පිරිනැමීමට තීරණය කර ඇති බවත් එහිදී නායිකා චමරි අතපත්තු විශේෂ ඇගයීමකට ලක්කිරීමට නියමිත බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය.

එම කණ්ඩායමේ සියලු ක්‍රීඩිකාවන්ට ලැබෙන ආකාරයට එම මුදල් ත්‍යාගය පිරිනමන බවත් ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරීන් කිහිපදෙනෙක් විදේශගතව සිටීම නිසා මුදල් ත්‍යාගයේ වටිනාකම තවම ස්ථිර කර නොමැති බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න