සමගි ජන බලවේගයට එක්ව සිටින මන්ත්‍රී ඩිලාන් පෙරේරා ද කෝප් කමිටුවෙන් ඉවත්වීමට තීරණය කර තිබේ.
ඩිලාන් පෙරේරා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් පැවසුවේ තමන් කෝප් කමිටුවෙන් ඉවත්වීම පිළිබඳ ලිපිය කතානායකවරයාට යොමු කරන බවයි.
පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප් කමිටුවේ) සභාපති ධූරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පත් වීමත් සමග එම කමිටුවේ සාමාජිකයින් බොහෝ දෙනෙක් දිගින් දිගට ම ඉල්ලා අස්වෙමින් සිටිති.
මාර්තු 18 වන දා සිට දින තුනක් තුළ එහි සාමාජිකයින් 10 දෙනෙකු මේ දක්වා ඉල්ලා අස්වී තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
