අනුර කැනඩා සංචාරයක

අනුර කැනඩා සංචාරයක

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සංචාරයක නිරත වීම සඳහා ඊයේ (20) පස්වරුවේ කැනඩාව බලා පිටව ගොස් තිබේ.

එම පක්ෂයේ කැනඩා කමිටුව මාර්තු 23 වැනිදා ටොරොන්ටෝ අගනුවරදී සහ 24 වැනිදා වැන්කුවර් නගරයේදී සංවිධාන කර ඇති ප්‍රධාන ජනහමු දෙකකට ඔහු සහභාගී වීමට නියමිතය.

මීට අමතරව කැනඩාවේ සිටින ශ්‍රී ලාංකේය දෙමළ හා මුස්ලිම් ප්‍රජාව සමග සුහද හමු කිහිපයකටද අනුර කුමාර දිසානායක සහභාගිවී වනු ඇත.

''දැනටමත් මේ ජනරැලි පිළිබඳව වගේම සුහද හමු පිළිබඳවත් කැනඩාවේ ඉන්න ශ්‍රී ලාංකිකයන් හුඟ දෙනෙක් බොහොමත් උද්‍යෝගයෙන් ඉන්නේ. මෙතක් කලක් ශ්‍රී ලංකාවේ දේශපාලනඥයෙකුට නොලැබුණු තරමේ අවදානයක් අනුර සහෝදරයාට ලැබෙමින් පවතිනවා” යි මේ පිළිබඳව අප හා අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ කැනඩා ශාඛාවේ අයෙක් පැවසිය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න

Publish modules to the "offcanvas" position.