Image

මේ වන විට ශ්‍රී ලංකාව සහලින් ස්වයංපෝෂිතයි - අමාත්‍ය ලාල්කාන්ත

මේ වන විට ශ්‍රී ලංකාව සහලින් ස්වයංපෝෂිතයි - අමාත්‍ය ලාල්කාන්ත

ශ්‍රී ලංකාව මේ වන විට යම් දුරකට සහලින් ස්වයංපෝෂිත වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත පැවසී ය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද Agri Taste 2026 ආහාර ප්‍රදර්ශනයේ සමාප්ති උත්සවය සඳහා ප්‍රධාන ආරාධිතා වශයෙන් සහභාගි වෙමිනි.

එම උත්සවයේ දී වැඩි දුරටත් අදහස් දැත්වූ අමාත්‍යවරයා...

 ශ්‍රී ලංකාවේ ජනතාව ආහාර නාස්ති කරනවා

මෙරට ජනතාව වැඩි වශයෙන් පරිභෝජනයට ගන්නා සහලින් රට ස්වයංපෝෂිත වී ඇති නමුත් සංචාරක කර්මාන්තය වැනි ක්ෂේත්‍රවලට අදාළ දේශීයව වගා නොකරන සහල් වර්ග තවමත් ආනයනය කරනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් කීරි සම්බා වැනි සහල් හඳුන්වා දී ඇති නමුත් බහුතරයක්  ගොවියන් ඒවා වගා කිරීමට යම් අකමැත්තක් දක්වන බැවින් එවැනි සහල් ද ආනයනය කිරීමට සිදුවනවා. ආහාර අපතේ යාම අවම කිරීමට වැඩපිළිවෙළක් සකස් කළ යුතු යි. ශ්‍රී ලංකාවේ ජනතාව වැඩි වශයෙන් පරිභෝජනයේ දී ආහාර නාස්තියක් සිදු කරන බව අනාවරණය වී තිබෙනවා.  එමෙන්ම සුළු, මධ්‍යම හා මහා පරිමාණ නිෂ්පාදකයන්ගෙන් අපි ඉල්ලා සිටින්නේ ආහාර නිෂ්පාදනයේ දී  අමුද්‍රව්‍යයක් වශයෙන්  සහල් යොදා ගැනීම කෙරෙහි අවධානය යොමු කරන්න කියලා. ඒ අනුව සහල් සම්බන්ධ   ආහාර සංස්කෘතියක් කරා ශ්‍රී ලංකාව යොමු විය යුතු යි.කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය තුෂාර වික්‍රමරත්න ඇතුළු එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද ආහාර නිෂ්පාදකයින් සහ ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි  පිරිස ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

නදීක දයා බණ්ඩාර - මහනුවර

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න