පොහොට්ටු බහුතරය රනිල්ට : රාජ්‍ය ඇමති ප්‍රසිද්ධියේ කියයි !

පොහොට්ටු බහුතරය රනිල්ට : රාජ්‍ය ඇමති ප්‍රසිද්ධියේ කියයි !

පොදුජන පෙරමුණ නියෝජනය කරන බහුතරයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට තවත් වසර පහක් රට භාර දිය යුතුය යන මතයේ සිටින බව රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවල් පවසයි .

ඉදිරි ජනාධිපතිවරණයට පොදු ජන පෙරමුණ වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නම් ඔහු රනිල් වික්‍රමසිංහට වඩා දක්ෂයෙක් විය යුතුම බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවෙල් වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත .

‘පොදුජන පෙරමුණ අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා කිව්වට තාමත් ඒ කවුද කියලා කියලා නෑනේ. සමහරවිට ඒ තැනැත්තා රනිල් වික්‍රමසිංහ මහත්මයා වෙන්නත් පුළුවන්. කලබල නොවී වෙන්නේ මොකද්ද කියලා අපි බලමු. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන බහුතරයක් රනිල් වික්‍රමසිංහ මහත්මයාට තව අවුරුදු පහක් මේ රට භාර දෙන්න ඕන කියන මතයක ඉන්නවා. ඒ නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරණයට වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා නම් ඒ තැනැත්තා රනිල්ට වඩා දක්ෂයෙක් විය යුතුමයි"

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න

Publish modules to the "offcanvas" position.