ෆොන්සේකා ගැන සජිත්ගේ ඉල්ලීම: අධිකරණය ප්‍රතිකේෂ්ප කරයි !

ෆොන්සේකා ගැන සජිත්ගේ ඉල්ලීම: අධිකරණය ප්‍රතිකේෂ්ප කරයි !

සමගි ජනබලවේගය පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා එම පක්ෂයේ දරන තනතුරුවලින් ඉවත් කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය විසුරුවා හරින ලෙස සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු පිරිසක් කළ ඉල්ලීමක් කොළඹ දිසා අධිකරණය ප්‍රතික්ෂේප කළේය.

එසේම අදාළ වාරණ නියෝගය අප්‍රේල් මස 02 වනදා දක්වා දීර්ඝ කිරීමටත් අධිකරණය නියම කර තිබේ.

සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා විසින් ගොනුකළ පැමිණිල්ලක් සලකාබැලූ කොළඹ දිසා අධිකරණය ඉකුත්දා මෙම වාරණ නියෝගය නිකුත් කර තිබුණි.

එම වාරණ නියෝගය නිකුත් කර තිබෙන ආකාරය දෝෂ සහිත බවත් එබැවින් එය ඉවත් කරන ලෙසත් ඉල්ලා අදාළ පැමිණිල්ලේ වගඋත්තරකරුවන් වශයෙන් නම්කර සිටින සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ඇතුළු පිරිසක් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුව කරුණු දැක්වීය.

එහෙත් සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කියා සිටියේ අදාළ වාරණ නියෝගය තවදුරටත් දීර්ඝ කරන ලෙසය.

ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරුණි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න

Publish modules to the "offcanvas" position.