ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය තුළින් පාර්ලිමේන්තුවට තේරීපත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වී තිබේ.
ඒ බව සඳහන් කරමින් මන්ත්‍රීවරයා සිය නිල X ගිණුමේ සටහනක් තබා ඇත.
එසේම මෙම තීරණය සම්බන්ධයෙන් තමන් නිල වශයෙන් කථානායකවරයාට යොමුකර ඇති බව මන්ත්‍රීවරයා එහි වැඩිදුරටත් සඳහන් කර තිබේ.
මේ අතර, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම් මරික්කාර් ද, පාර්ලිමේන්තුමන්ත්‍රී හේෂා විතානගේ ද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වී තිබේ.
තවද, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ පාර්ලිමේන්තුවට තේරී පත්වූ ගාමිණී වලේබොඩ ද කෝප් කමිටුවේ සාමාජිකත්වයෙන් ඉවත් වී තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
