අනුරාධපුර දිස්ත්‍රික් පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න ඉල්ලා අස්වීම හේතුවෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා එස්. සී. මුතුකුමාරණ පත් කිරීමට නියමිතව ඇත.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්නගෙන් පසුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණ මනාප ලයිස්තුවේ ඊළඟ වැඩිම මනාප ලාභියා වශයෙන් එස්. සි. මුතුකුමාරණ මෙසේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා හිමිකම් කියයි.
කතානායකවරයා වෙත ලිපියක් යොමුකරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න අද (27) සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වු අතර ඔහුගේ ඉල්ලා අස්වීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් පුරප්පාඩු වී ඇති බව පාර්ලිමේන්තු මහලේකම් නීතීඥ කුෂානි රෝහණධීර මහත්මිය විසින් මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී ඇති බව වාර්තා වෙයි.
1981 අංක එක දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64(1) වගන්තිය ප්‍රකාරව පාර්ලිමේන්තු මහලේකම්වරිය විසින් අදාළ දැනුම්දීම සිදුකර තිබුණාය.
මැතිවරණ කොමිෂන් සභාව අනුමත කිරීමෙන් පසු එස්. සි. මුතුකුමාරණ ගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් ගැසට් කිරීමට නියමිතය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
