ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර අවබෝධතා ගිවිසුමක්

ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර අවබෝධතා ගිවිසුමක්

ශ්‍රී ලංකාව හා වියට්නාමය රජයන් අතර කෘෂිකාර්මික අංශයේ සංවර්ධනය සඳහා හේතුවන කරුණු ගණනාවක් සම්බන්ධයෙන් ඊයේ (පෙබ. 21) දෙරට අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් කර තිබේ.

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වන ආසියා පැසිෆික් කලාපීය සමුළුවට සමගාමීව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර සහ වියට්නාමයේ කෘෂිකර්ම හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය මින් හෝන් ලී අතර ඊයේ ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කර ඇත.

එම සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන් දෙරට අතර කෘෂි තාක්ෂණය හුවමාරු කර ගැනීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කළේ ය.

ඒ යටතේ කෘෂි තාක්ෂණය, අධ්‍යයන හා පර්යේෂණ, අත්දැකිම් හුවමාරුව, උසස් බීජ නිෂ්පාදනය, පොහොර හා පළිබෝධනාශක යෙදීම, වැඩි අස්වැන්නක් ලබා ගත හැකි වන පරිදි ගොවී ජනතාව හා නිලධාරින් පුහුණු කිරීම වැනි කරුණු කිහිපයකට අදාළව මෙම ගිවිසුම අත්සන් තබා තිබේ.

වියට්නාමයේ කෘෂිකර්ම හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය මින් හෝන් ලී සඳහන් කර ඇත්තේ, මේ වනවිට ශ්‍රී ලංකාව සහලින් ස්වයංපෝෂණය වී තිබීම සම්බන්ධව තම සතුට ඵල කරන බව ය.

ආර්ථිකමය වශයෙන් අසීරු අවස්ථාවක පවතින සමයක වුවත් ශ්‍රී ලංකාව ආහාර නිෂ්පාදනයේදී ලබා ඇති ශක්‍යතාව අගය කළ යුතු බව ද ඔහු තවදුරට ත් සඳහන් කළේ ය.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කර ඇත්තේ, පැවැති ආර්ථික කඩා වැටීම නිසා ශ්‍රි ලංකාවේ ආහාර හිඟයක් මතුවේ යැයි බොහෝ දෙනා උපකල්පනය කළ ද, රජය ගත් ක්‍රියාමාර්ග නිසා මෙන් ම ගොවි ජනතාව බාධක නොතකා වගා කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජනතාව ආහාර අර්බුදයකට මුහුණ නොදුන් බව ත් ඒ සම්බන්ධව අප රටේ ගොවි ජනතාවට සමස්ත ජනතාවගේ ප්‍රණාමය පළ කළ යුතු බව ත් ය.

මෙම අවස්ථාව සඳහා අප රටේ රාජ්‍ය නිලධාරින් මෙන් ම වියට්නාමයේ රජයේ නිලධාරි කිහිප දෙනෙක් සහභාගී වී සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න