පොරටෝක් දුන්න ලංවීම මාධ්‍ය ප්‍රකාශක ඉල්ලා අස්වෙයි !

 පොරටෝක් දුන්න ලංවීම මාධ්‍ය ප්‍රකාශක ඉල්ලා අස්වෙයි !

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වෙයි.

ඔහු පසුගියදා සිදුකරන ලද ප්‍රකාශයක් සමාජයේ මහත් ආන්දෝලනයක් ඇති කළ අතර ඒ සම්බන්ධයෙන් ඔහු පසුව සිය කනගාටුව ප්‍රකාශ කරමින් නිවේදනයක් නිකුත් කළේය.

විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර X පණිවුඩයක් නිකුත් කරමින් නොයෙල් ප්‍රියන්ත ඉල්ලා අස්වූ බව නිවේදනය කර තිබුණි.

පසුගිය 20 වනදා අද දෙරණ '24 නාලිකාව' ඔස්සේ විකාශය වු "බිග් ෆෝකස්" වැඩසටහනට එක්වෙමින් විදුලිය නොමැති නම් පාසල් ළමුන්ට කුප්පි ලාම්පු එළියෙන් අධ්‍යාපන කටයුතු සිදුකළ හැකි බවට ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත ප්‍රකාශයක් සිදුකර තිබුණි.

තවද වතුකරයේ ජනතාව සම්බන්ධයෙන් ඔහු සිදුකළ ප්‍රකාශයත් පාර්ශ්ව රැසකගේ විවේචනයට ලක්වුණි.

මේ අතර, විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශකවරයාගේ ප්‍රකාශය ගැන සොයා බලා විනය පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අද (22) පාර්ලිමේන්තුවේ දී අවධාරණය කළේ ය.

වතු කම්කරු නායකයන් සියලු දෙනා වතු කම්කරු ජනතාවගේ අභිවෘද්ධිය පිණිස ගන්නා වූ ක්‍රියාමාර්ගයන්ට රජය කිසිදු හානියක් හෝ අපහාසයක් නොකරන බව ද ඔහු අවධාරණය කළේ ය.

කළ ප්‍රකාශයේ සත්‍ය අසත්‍යතාව මත නිලධාරියාට එරෙහි ව විනය පියවර ගන්නා බව කියා සිටි අග්‍රාමාත්‍යවරයා, මෙම ප්‍රශ්නය මතුකිරීම ගැන විපක්ෂ නායකවරයාට ද සිය ස්තූතිය පළ කළේ ය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන,

''ගරු කතානායකතුමනි, විරුද්ධ පක්ෂයේ නායකතුමා නඟන මේ ප්‍රශ්නයට අපි මේ වන විටත් ඒ නිලධාරියා කර තිබෙන ප්‍රකාශයේ සත්‍ය හා අසත්‍යතාව මත අවශ්‍ය විනය පියවර ගැනීමට උපදෙස් දීලා තියෙනවා. මම ස්තූතිවන්ත වෙනවා විපක්ෂ නායකතුමාටත් මේක නැඟීම ගැන. ඒ වාගේම, රාධක්‍රි‍ෂ්ණන් වතු කම්කරු නායකතුමා මෙතන ඉන්නවා, ගරු මන්ත්‍රීතුමා. ඔබතුමාලා, තොණ්ඩමන් මහත්තයලා ඉන්නවා. අපි සියලු දෙනා වතු කම්කරු ජනතාවගේ අභිවෘද්ධිය පිණිස ගන්නා වූ ක්‍රියාමාර්ගයට රජය කිසිම හානියක් හෝ අපහාසයක් කරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ”

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න