අලුත් බෝධිසත්වගේ විදෙස් ගමන් තහනම් !

අලුත් බෝධිසත්වගේ විදෙස් ගමන් තහනම් !

බෝධි සත්ත්වයෙකු වශයෙන් පෙනී සිටින මහින්ද කොඩිතුවක්කු නමැත්තාගේ විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (12) නියෝගයක් නිකුත් කළේය.

කොළඹ කොටුව මහෙස්ත්‍රා තිළිණ ගමගේ විසින් මෙම නියෝගය නිකුත්කළ අතර ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක කොට්ඨාසය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් පීරිස් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව යි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කළ ඉල්ලීමක් පිළිගත් මහෙස්ත්‍රාත්වරයා මෙම පුද්ගලයාගේ බැංකු ගිණුම් පිළිබඳ වාර්තාවක් කැඳවන ලෙසද නියෝග කළේය.

මෙම බෝධිසත්ව වෙස්ගත් පුද්ගලයාට ළමා අපචාර පිළිබඳ චෝදනා ඇති බවද ප්‍රසිද්ධ මාධ්‍ය හමුවලදී අනාවරණය කෙරිණ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න