A/L විභාගයේ කෘෂි විද්‍යාව II පත්‍රය අවලංගුයි !

A/L විභාගයේ කෘෂි විද්‍යාව II පත්‍රය අවලංගුයි !

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යාව දෙවන පත්‍රය අවලංගු කිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

මේ සම්බන්ධව අදහස් දක්වමින් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසා සිටියේ කෘෂි විද්‍යාව දෙවන ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයක් විභාගයට පෙර සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වී ඇති බවට ලද තොරතුරු සැලකිල්ලට ගනිමින් සිදුකරන ලද විමර්ශනයකින් අනතුරුව මෙම තීරණය ගත් බවය.

සිදුකරන ලද විමර්ශනයේ දී එම ප්‍රශ්න පත්‍රය සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී ඇති බවට පළවූ තොරතුරු තහවුරු වන කරුණු අනාවරණය වී ඇති බවද ඔහු පැවසීය.

මෙවර උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යාව දෙක ප්‍රශ්න පත්‍රයට අදාළ විභාගය පසුගිය 10 වැනිදා පැවැත්විණ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න