තේ පොහොර මිටියේ මිල බස්සයි !

තේ පොහොර මිටියේ මිල බස්සයි !

තේ පොහොර මිටියක මිල රුපියල් 8500 දක්වා අඩු කිරීමට රජය තීරණය කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

දැනට තේ සඳහා භාවිතා කරන පොහොර මිටියක මිල රුපියල් 12000 සිට රුපියල් 14000 දක්වා අතර වන බැවින් බොහෝ වගාකරුවන් තේ වගාවට පොහොර නොයොදන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ ගාල්ල දිස්ත්‍රික්කයේ තේ වගාකරුවන් පිරිසක් සමග ගාල්ල නගර ශාලාවේදී පැවැති සාකච්ඡාවකින් අනතුරුවය.

තේ පොහොර මිල වැඩි වීම නිසා තේ අක්කරයකින් වරකට නෙලා ගන්නා දළු ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 216 දකවා අඩු වී ඇතැයි ද අමාත්‍යවරයා එහිදී පැවසුවේය.

එබැවින් රජයට අයත් ලංකා පොහොර සමාගම හා කොමර්ෂල් පොහොර සමාගම මගින් තේ පොහොර මිටිය රුපියල් 8500 කට දෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම සාකච්ඡාව සඳහා කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහාන් ද සිල්වා ඇතුලු පිරිසක් සහභාගී වූහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න