ටයිම් අරගෙන රනිල් සටනට : සජබ 2ක් සමඟත් සාකච්ඡා !

ටයිම් අරගෙන රනිල් සටනට : සජබ 2ක් සමඟත් සාකච්ඡා !

ඔන්න 09 වෙනි සඳුදා ජනාධිපති කාර්යාලේ තිබුන UNP මැනේජ්මන්ට් කමිටි එකේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණය පැවැත්වීම ගැන තමන්ගේ ස්ථාවරය කියලා.

ජනාධිපතිවරණය 2024 සැප්තැම්බර් මාසේ අගදී තියනවා කියලා , ජනධිපති එයාගේ UNP සගයින්ට කියලා . ඒ විතරක් නෙමෙයි, මහ මැතිවරණය 2025 ජනවාරි මාසයේ දී තියනවා කියලත් දන්වලා.. ඒ වගේම 2025 මාර්තු මාසයේදී පළාත් සභා මැතිවරණය තියන බවත් කියලා.

තමුන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ නිර්පාක්ෂික අපේක්ෂකයකු විදියට කියලා ජනාධිපති වික්‍රමසිංහ මෙතනදී අවධාරණය කරලා.. .

මෙම ජාතික මැතිවරණ ජයග්‍රහණය කිරීම සඳහා, පක්ෂයේ සංවිධාන කටයුතු වහාම ආරම්භකරන ලෙස දැනුම් දී ඇති ජනාධිපතිවරයා, රටේ ආර්ථිකය ගොඩදැමීමට තමන්ට තවත් මාස කිහිපයක් පුර්ණ කාලීනව අවධානය යොමුකළ යුතු නිසා, මැතිවරණ ව්‍යාපාරයට එකතුවන්නේ අප්‍රේල් මාසයෙන් පසුව බවත් දැනුම්දීලා.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ මැතිවරණ ව්‍යාපාරයේ මුලික සංවිධාන කටයුතු, ප්‍රාදේශීය මට්ටමින් ආරම්භ කරන්න තීන්දු කරලා.

ඒ අනුව UNP එකේ පළමු මහජන රැලිය ජනවාරි මැදදී ගාල්ලේ තියමු කියලා වජිර යෝජනා කරලා. රවී කියලා තියෙන්නේ මැද කොළඹින් පටන් ගමු කියලා . ඒ අස්සේ නුවරින් පටන්ගමු කියල නවීන් යෝජනා කරලා. කොහොම වුනත් පළමු රැස්වීම තියන්නේ කොහෙද කියලා තාම අවසන් තීරණයක් අරගෙන නෑ.

ඔන්න ඒ අස්සේ ලන්සලගේ - අනුරයාපලගේ අලුත් සන්ධානෙත් ගේමට බැහැලා . ''රනිල් යළි ජනාධිපති කරමු '' කියලා එයාලගේ පළමු මහජන රැලිය තියන්න යන්නේ.

ජනවාරි 27 වෙනිදා ජා ඇලදී ..

  • දේශපාලන වාර්තාකරු

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න