චීන ජනාධිපති ෂී ජින්පිං, චීනයේ රාජ්‍ය සංචාරයකට එක්ව සිටින රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් සමග සීමිත පිරිසක ගේ සහභාගීත්වයෙන් පැවති සාකච්ඡාවකට එක් වුණා. ඒ, අද (20) පෙරවරුවේ බෙයිජිංහි මහජන මහා ශාලාවේ දී ය.
වඩාත් සාධාරණ ගෝලීය පාලන පද්ධතියක් ගොඩනැංවිය යුතුයි
මෙම වසර, චීන-රුසියානු උපායමාර්ගික සහයෝගීතා හවුල්කාරීත්වයේ 30 වන සංවත්සරය සහ ‘චීන-රුසියානු සුහද අසල්වැසි බව සහ මිත්‍රශීලී සහයෝගිතා ගිවිසුම’ට අත්සන් තැබීමේ 25 වන සංවත්සරය සනිටුහන් කරන බව චීන ජනාධිපතිවරයා එහි දී පෙන්වා දුන්නා.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂ කවුන්සිලයේ නිත්‍ය සාමාජික රටවල් දෙකක් සහ ලෝකයේ බලවත් රටවල් දෙකක් ලෙසට, දිගුකාලීන උපායමාර්ගික දෘෂ්ටියෙන්, පූර්ණ උපායමාර්ගික සහයෝගිතා හරහා දෙරටේ සංවර්ධනය සහ පුනරුදයට සහාය වෙමින් වඩාත් සාධාරණ ගෝලීය පාලන පද්ධතියක් ගොඩනැංවීම තහවුරු කළ යුතු බව ද චීන ජනාධිපතිවරයා එහි දී සඳහන් කළා.
එහිදී රාජ්‍ය නායක දෙපළ ‘චීන-රුසියානු සුහද අසල්වැසි බව සහ මිත්‍රශීලී සහයෝගිතා ගිවිසුම’දීර්ඝ කිරීමටත් එකඟතාවන් පළ කළා. එම ගිවිසුම දීර්ඝ කිරීමට අනුබලයක් ලබා දෙන චීනය, රුසියාව සමග එක්ව, ගිවිසුමේ ජීව ගුණය අනුගමනය කරමින් දෙරටේ සර්ව කාලීන හා පූර්ණ උපායමාර්ගික සහයෝගිතා තවදුරටත් ඉදිරියට ගෙන යාමට සූදානම් බව ද චීන ජනාධිපතිවරයා සඳහන් කළා.
ප්‍රමාදයකින් තොරව සම්පූර්ණ යුද විරාමයක් අවශ්‍ය යි
මැදපෙරදිග හා ගල්ෆ් කලාපයේ තත්ත්වය, යුද්ධයේ සිට සාමය කරා පරිවර්තනය වීමේ සංධිස්ථානයක පවතින බව ඔහු පෙන්වා දුන්නා. ප්‍රමාදයකින් තොරව සම්පූර්ණ යුද විරාමයක් ක්‍රියාත්මක කිරීම අතිශය වැදගත් වන අතර, තවත් යුද්ධයක් ආරම්භ කිරීමට කිසිසේත්ම ඉඩ නොදිය යුතු අතර මෙහිදී සාකච්ඡාවල නියැලී සිටීම ද ඉතා වැදගත් බව ද ඔහු ප්‍රකාශ කළා. යුදමය මෙහෙයුම් කඩිනමින් අවසන් වුවහොත්, එය බලශක්ති සැපයුම් ස්ථාවරත්වය, කර්මාන්ත හා සැපයුම් දාමයන්හි විධිමත්භාවය මෙන් ජාත්‍යන්තර වෙළඳ පටිපාටියට එල්ල වන බලපෑම් අවම වීමට හේතු වනවා. මැදපෙරදිග ප්‍රදේශයේ සාමය තහවුරු කිරීම සඳහා තමා සිව්වැදෑරුම් යෝජනාවලියක් ඉදිරිපත් කර ඇත්තේ, ජාත්‍යන්තරයේ පොදු අදහස් එක්රැස් කරමින් ආතතීන් සමනය කර සාමය උදා කිරීමේ අපේක්ෂාවෙන් යුතුව යැයි ද ෂී ජින්පිං මහතා අවධාරණය කළා.
සාකච්ඡාවට පෙර චීන රුසියානු නායක දෙපළ ඡායාරූපවලට ද පෙනී සිටියහ.

දිනූෂි ධීරසිංහ - චීන පුවත් සේවය
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
