“මම ඔස්ටින්“ කෘතිය ජනපතිට !

“මම ඔස්ටින්“ කෘතිය ජනපතිට !

හිටපු ජනාධිපති ලේකම්වරයෙකු වූ ඔස්ටින් ප්‍රනාන්දු විසින් රචිත “මම ඔස්ටින්“ කෘතිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පිළිගැන්වීම ඊයේ (09) ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

ස්වයං ලිඛිත චරිතාපදානයක් වන මෙම කෘතිය මඟින් රාජ්‍ය සේවයේ හා දේශපාලන ක්‍රියාකාරීත්වයේ කදිම විවරණයක් සිදු කර ඇත.

සමකාලීන ශ්‍රී ලාංකේය ඉතිහාසයේ සංකීර්ණ භූමිකාවක නිරත වූ ඔස්ටින් ප්‍රනාන්දු සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක වූ 2001-2003 සමයේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරය හා 2017-2018 සමයේ ජනාධිපති ලේකම් ධුරය දරමින් රාජ්‍ය සේවයේ නියැළුණේය.

රාජ්‍ය සේවයේ ඉහළ වගකීම් රැසක් දරා ඇති ඔහු, පෞද්ගලික හා අන්තර්ජාතික ආයතනික කාර්යභාරවල නියැළීම හේතුවෙන් ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ ඇතැම් මතභේදාත්මක සිදුවීම්වල ජීවමාන සාක්ෂිකරුවකු බවටද පත්ව තිබේ.

ලාංකේය දේශපාලන හා පරිපාලන ක්ෂේත්‍රය පිළිබඳව ජනමාධ්‍යයෙහි හෝ අන් තැනක ලේඛනගත නොවූ සත්‍යය වටහා ගැනීමට මේ කෘතිය අවස්ථාවන් විවර කර දෙයි. ඒ තුළින් පාඨකයාට රාජ්‍ය තන්ත්‍රය හා රාජ්‍ය තාන්ත්‍රිකයන් පිළිබඳ මෙන්ම දේශපාලනය සහ සමාජය තුළ ගැබ්වී ඇති මිනිස් ස්වභාවයේ විශිෂ්ටත්වයද, දුර්වලත්වයද, සංකීර්ණත්වයද දැකිය හැකිය.

‘මම ඔස්ටින්’ කෘතිය ස්වයං චරිතාපදානයක් මෙන්ම කාලෝචිත සමාජ කතිකාවතකි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න