රට ගොඩනඟන රජයේ වැඩ පිළිවෙලට පක්ෂ භේදයෙන් තොරව සහය දෙන්න !

රට ගොඩනඟන රජයේ වැඩ පිළිවෙලට පක්ෂ භේදයෙන් තොරව සහය දෙන්න !

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු රජය ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ හමුවේ මෙරට පැවති ආර්ථික අවපාතය යම් ප්‍රමාණයකට යථා තත්ත්වයට පත්ව ඇති බවත් එම තත්ත්වය පරිපූර්ණ කරගැනීමට නම් පක්ෂ භේදයකින් තොරව සියලු දෙනා ඊට සහය දැක්විය යුතු බවත් වෙළද රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් පැවසීය.

සමාජයක යහපැවැත්ම රැකගත හැක්කේ අයිතිවාසිකම් සහිත සංවර්ධනය ඉලක්ක කරගත් දේශපාලනයක් ගොඩ නැගීමෙන් පමණක් බව ද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

වෙළද රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් මේ බව සඳහන් කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (10) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ වෙළද රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් මෙසේ ද පැවසීය.

අප රට 2020 වසරේ සිට බරපතල ගැටලු දෙකකට මුහුණ දුන්නා. පළමු වැන්න කොවිඩ් වසංගතයයි. ඉන් අර්ධ වශයෙන් යථා තත්ත්වයට පත්වන විට විශාල ආර්ථික පසුබෑමක් ඇති වුණා. ඉතා කෙටි කාලයක් තුළ එවැනි අභියෝග දෙකකට අපි මුහුණ දී තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රජය ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ නිසා අප දැන් එම ආර්ථික අවපාතයෙන් යම් ප්‍රමාණයකින් යථා තත්ත්වයට පත්වෙමින් සිටිනවා. නමුත් එය සම්පූර්ණ වී නැහැ. එම තත්ත්වය පරිපූර්ණ වීමට නම්, අප වඩාත් වෙහෙස මහන්සි වී වැඩ කළ යුතුයි. ඒ සඳහා ජනාධිපතිතුමා සැලසුම් රැසක් සකස් කර තිබෙනවා. එම සැළසුම් නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට සියලු දෙනා කැපවිය යුතුයි.

එක දවසකින් ගහක් කපන්න පුළුවන්. ඒත් ඒ ගහ හදන්න අවුරුදු ගාණක් යනවා. ඒ වගේ ම රට දැවැන්ත ආර්ථික පසුබෑමකට ලක් වුණා. එය යථා තත්ත්වයට පත්කර ගැනීමට කාලයක් ගත වනවා.

වැරදි සහ අදූරදර්ශී ප්‍රතිපත්ති නිසා රට විශාල ආර්ථික පසුබෑමකට ලක් වුණා. ඒ නිසා මේ මොහොතේ අප පක්‍ෂ භේද පසෙකලා කටයුතු කළ යුතුයි.

ඒ වගේම ජීවන වියදම අඩුකළ යුතුයි. රජයක් ලෙස අප ඒ වෙනුවෙන් කටයුතු කරමින් සිටිනවා. විශේෂයෙන් ඉදිරි මාස හය තුළ ජීවන වියදම අඩු කිරීමට ක්‍රියාමාර්ග ගන්නා බව කිව යුතුයි. ප්‍රශ්න සමඟ දේශපාලනය කිරීම පහසුයි වගේම එය ඕනෑම අයෙකුට කළ හැකියි. නමුත් එම ප්‍රශ්ණවලට විසඳුම් සෙවීම දුෂ්කරම දෙයක්. මේ රජය නිරතව සිටින්නේ ගැටළුවලට විසදුම් සොයන දුෂ්කර කටයුත්තේයි.

අපේ සමාජයේ යහපැවැත්ම රැකගත හැක්කේ අයිතිවාසිකම් සහිත සංවර්ධනය ඉලක්ක කරගත් දේශපාලනයක් ගොඩනැගීමෙන් පමණයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න