චමින්ද ඉල්ලා අස්වෙන්න ලක්ෂ 900ක් අරගෙනද : හොයලා බලන්න - මහින්දානන්ද !

චමින්ද ඉල්ලා අස්වෙන්න ලක්ෂ 900ක් අරගෙනද : හොයලා බලන්න - මහින්දානන්ද !

සමගි ජන බලවේගග පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් චමින්ද විජේසිරි ඉල්ලා අස්වී ඇත්තේ රුපියල් ලක්‍ෂ නවසීයක් ලබාගෙන බවට පළවන මාධ්‍ය වාර්තා ගැන සොයා බලන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ ඉල්ලා සිටියි.

චමින්ද විජේසිරි මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙමින් සිදුකළ ප්‍රකාශ නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලු දෙනාම හෑල්ලුවට ලක්ව ඇති බවද මහින්දානන්ද මන්ත්‍රීවරයා පවසයි.

මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා අද (10)මේ බව සඳහන් කර සිටියේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් වන අතර විජේසිරි මහතාගෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු ධුරයට පාර්ලිමේන්තුවට පිවිසීමට නියමිතව සිටින්නේ ද්විත්ව පුරවැසික් බවද පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.

‘ඊයේ ඉල්ලා අස්වුන මන්ත්‍රීවරයා කිව්වේ එතුමට ළමයි ඉස්කොලේ යවන්න බැහැ , එතුමට පාරේ යන්න බැහැ ඒ නිසා කළකිරිලා ඉල්ලා අස්වෙනවා කියලා.

මන්ත්‍රීවරු සියලු දෙනා හෑල්ලු කරමින් මාධ්‍ය ඒක හුවා දක්වලා තියෙනවා. නමුත් අපිත් පාරේ යනවා මින්ස්සු අතර ඉන්නවා අපිට එහෙම ප්‍රශ්නයක් නැහැ.

හැබැයි මේ මන්ත්‍රීවරයා ඉල්ලා අස්වීමේන් පසුව ඊලඟට පාර්ලිමේන්තු එන්නේ ද්විත්ව පුරවැසියෙක්. මේ මන්ත්‍රීවරයා ඉල්ලා අස්වුනේ ලක්ෂ 900 ක් අර‌ගෙන කියලා පත්තරේ තියෙනවා. මේ ප්‍රකාශය අපිට හොද නැහැ.

ද්විත්වපුරවැසියන්ට පාර්ලිමේන්තු එන්නත් ඔස්ට්‍රේලියාවේ පදිංචියට යන්නත් මේ කරන ප්‍රකාශ හොද නැහැ. ඒගැන හොයා බලන්න කියා මම ඉල්ලා සිටිනවා.’

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න