පොන්නම්බලම් අරුණාචලම් ගේ “ලාංකීය” සංකල්පය  “ලාංකීය අනන්‍යතාව” දක්වා දියුණු කිරීමට කැපවෙනවා !

පොන්නම්බලම් අරුණාචලම් ගේ “ලාංකීය” සංකල්පය  “ලාංකීය අනන්‍යතාව” දක්වා දියුණු කිරීමට කැපවෙනවා !

නිදහස් ජාතියක් ගොඩනැඟීම උදෙසා ශ්‍රීමත් පොන්නම්බලම් අරුණාචලම්  ගෙන ගිය “ලාංකීය” සංකල්පය “ලාංකීය අනන්‍යතාව” දක්වා දියුණු කිරීමට තමන් කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

එම වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම වෙනුවෙන්, අවතැන්වූවන් නැවත පදිංචි කිරීම ඇතුළු යුද්ධයට අදාළ සියලු ප්‍රශ්නවලට 2025 වසර වන විට විසඳුම් ලබාදීමට අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ ශ්‍රීමත් පොන්නම්බලම් අරුණාචලම් මහතාගේ සියවන ගුණ සමරු උත්සවයට අද (09) පෙරවරුවේ එක් වෙමිනි.

ගුණ සමරු උත්සවය ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේ පිහිටි ඒ මහතාගේ පිළිරුව අභියස දී පැවැත්විණි.

මල් කළඹක් තැන්පත් කර පිළිරුවට පුෂ්පෝපහාර දැක්වූ ජනාධිපතිවරයා අනතුරුව අරුනාචලම් පවුලේ සාමාජිකයන් සමඟ සුහද කතා බහකටද එක් විය.

පොන්නම්බලම් අරුණාචලම් මහතා සිංහල, දෙමළ හෝ මුස්ලිම් නොවන ලාංකික යන සංකල්පය පිළිබඳ දැඩිව විශ්වාස කළ බව මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා එම ලාංකික සංකල්පය අනුගමනය කළ මහාමාන්‍ය ඩී.එස්.සේනානායක මැතිතුමන් ද සියලු ජාතීන් හා ආගමික කණ්ඩායම් එක් කර ගනිමින් රට දියුණු කිරීමට කටයුතු කළ බව ද සඳහන් කළේය.

බිඳ වැටුණු ශ්‍රී ලංකා ආර්ථිකය යළි ගොඩනගමින් සමෘද්ධිමත් ජාතියක් ලෙස නැගි සිටීමට රජය ගෙන යන වැඩපිළිවෙළ සමඟ සියලු දෙනා එක්වීම පොන්නම්බලම් අරුණාචලම් මහතාට දැක්විය හැකි ඉහළම ගෞරවය බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී අවධාරණය කළේය.

හිටපු අමාත්‍ය ඩී. එම් ස්වාමීනාදන් මහතා සහ පොන්නම්බලම් අරුණාචලම් මහතාගේ පවුලේ සාමාජිකයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

IMG 20240109 WA0009

IMG 20240109 WA0010

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න