සජිත් ආයෙත් මොළේ තරම පෙන්වයි !

සජිත් ආයෙත් මොළේ තරම පෙන්වයි !

හූති කැරලිකරුවන් මෙල්ල කිරීමට රුපියල් කෝටි 25 කට වැඩි මුදලක් වැයකර නාවික යාත්‍රා යැවීම සාධාරණදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී අද (9) ප්‍රශ්න කළේය.

රට බංකොලොත්වී ඇති අවස්ථාවක මෙසේ කටයුතු කිරීම වැරදි බව පවසමින් විපක්ෂ නායක මෙසේ පැවසුවේ අද (09) පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමින්ය .

මෙමගින් ශ්‍රී ලංකාවට ලැබෙන වාසිය කුමක්දැයි ප්‍රශ්න කළ විපක්‍ෂනායකවරයා මේ කටයුත්ත වෙනුවෙන් ණය දෙන රටවල් බිලියන 25ක් හෝ කපා දැමීමට එකඟවී ඇත්නම් මෙවැනි දේවල් කළාට කමක් නැතැයිද ප්‍රකාශ කළේය.

කෙසේ වුවත් මෙහිදී ඊට ප්‍රතිචාර දක්වමින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මෙසේ පැවසීය .

අපි ලෝකයේ ත්‍රස්තවාදයට විරුද්ධයි. අපිට ගෝලීය වගකීම ඉෂ්ට කරන්න වෙනවා. ඉන්දියාව හඳට රොකට් එකක් ඇරියේ මිලියන 800 ක් දුප්පතුන් ඉන්න වෙලාවක. නමුත් ඒ රටේ මිනිස්සු ඒ ගැන කතා කරන්නේ නැහැ. සමුද්‍රි ආරක්ෂාව ගැන අපි වගකියන්න ඕන. දැනටමත් අපි ගැඹුරු මුහුදේ ආරක්ෂක කටයුතු කරනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ විපක්ෂ නායක ගේ ජාත්‍යන්තර සම්බන්ධතා මෙන්ම ඒ තුළ මෙරට අත්පත් කරගත යුතු භූමිකාව පිළිබඳව මෙලෝ හසරක් නොමැතිව මෙවැනි ප්‍රකාශ සිදුකරන බවක් පෙන්නුම් කරන බවය.

විපක්ෂ නායක ලෙස සජිත් ප්‍රේමදාස ගේ භූමිකාව කොතරම් පිරිහීමකට ලක්ව ඇති බව තේරුම් ගැනීමට ඔහුගේ මේ ප්‍රකාශය පමණක් වුවත් සෑහෙන බවත් , විපක්ෂ නායකට ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ තීන්දු තීරණ සම්බන්ධයෙන් ජනප්‍රිය දේශපාලන විවේචන එල්ල කරමින් සිටීම පමණක් බවත් විචාරකයන් පෙන්වා දෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න