මත්පැන් හලක් විවෘත කරන්න නම් කෝටියක් තැම්පතුවක් අනිවාර්යයි !

මත්පැන් හලක් විවෘත කරන්න නම් කෝටියක් තැම්පතුවක් අනිවාර්යයි !

ඉදිරියේදී රට බීමහලක් ආරම්භ කරන ඕනෑම පුද්ගලයකුට රුපියල් කෝටියක මූලික ගාස්තුවක් අනිවාර්යයෙන්ම තැන්පත් කිරීමට සිදුවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි .

කෙසේ වුවත් මීට පෙර මත්පැන් හලක් විවෘත කිරීමේදී එවැනි මූලික ගාස්තුවක් අය කෙරුණේ නැත.

කෙසේ වුවත් රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ සුරා බදු බලපත්‍ර ඉතාමත් නිත්‍යානුකූල ආකාරයට ලබාදීමට කටයුතු සිදු කෙරෙමින් පවතින බවත් රා බී 4 යන බලපත්‍රයට වැඩි ඉල්ලුමක් පවතින හෙයින් එම බලපත්‍රය නිකුත් කිරීමේදී මූලික ගාස්තුවක් වශයෙන් රුපියල් කෝටියක මුදලක් ගැනීමට බලාපොරොත්තු වන බවත් ය.

සංචාරක කර්මාන්තය සමග බලපත්‍ර ලබාදීමේ වැඩපිළිවෙළ පුළුල් කිරීමට බලාපොරොත්තු වන බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා මේ රටේ සාමාන්‍ය ජනතාව මත පැටවී ඇති බදු බර ක්‍රම ක්‍රමයෙන් ගිහිල් කිරීමට පියවර ගන්නා බවද ප්‍රකාශ කළේය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න