උතුරේ සෞඛ්‍ය සහ අධ්‍යාපන ගැටළු විසඳීමට  කඩිනමින් මුදල් ලබා දෙනවා - ජනපති

 උතුරේ සෞඛ්‍ය සහ අධ්‍යාපන ගැටළු විසඳීමට  කඩිනමින් මුදල් ලබා දෙනවා - ජනපති

ප්‍රමුඛතා හඳුනා ගනිමින් උතුරේ සෞඛ්‍ය සහ අධ්‍යාපන ගැටළු විසඳීමට කඩිනමින් මුදල් ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය.

ඒ යටතේ යාපනයේ ශික්ෂණ රෝහල සඳහා ඉඩම් වෙන්කර දීමටත්, ගුරු පුරප්පාඩුවලට බඳවා ගැනීම් සඳහා මුදල් වෙන් කිරීමටත් පියවර ගන්නා බවද ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍රයේ නියෝජිතයන් සහ තරුණ ප්‍රජාව සමඟ යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ (06) පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.

සෞඛ්‍ය ක්ෂේත්‍රය, අධ්‍යාපන ක්ෂේත්‍රය සහ තරුණ ප්‍රජාව නියෝජනය කරමින් 300කට ආසන්න පිරිසක් මීට එක්ව සිටී අතර ඔවුන් ඉදිරිපත් කළ ගැටළුවලට ජනාධිපතිවරයා පිළිතුරු ලබා දෙනු ලැබීය.

උතුරු පළාත ජාතික ආර්ථිකයට සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය සෑම සහයක්ම ලබාදෙන බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා ඒ සඳහා රාජ්‍ය නිලධාරීන් ලෙස සහ තරුණ ප්‍රජාව ලෙස තම දායකත්වය ලබාදෙන ලෙසද ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය.

යාපනය විශ්වවිද්‍යාලයේ පවතින අඩුපාඩු සහ එහි භෞතික සම්පත් සහ මානව සම්පත් වැඩිදියුණු කිරීමට අදාළ යෝජනාවලියක් ද මෙහිදී යාපනය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරියක විසින් ජනාධිපතිවරයා වෙත භාර දුන්නේය.

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන්, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, යාපනය දිස්ත්‍රික් ලේකම් එස්. ශිවබාලසුන්දරන් යන මහත්වරුන් සහ යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එස්. ශ්‍රී සත්කුනරාජා, හිටපු උපකුලපති මහාචාර්ය වසන්ති අරසරත්නම් යන මහත්ම මහත්මින් සහ වත්මන් අධ්‍යයන කාර්ය මණ්ඩලයේ ආචාර්ය මහචාර්යවරු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙම සාකච්ඡාවෙන් අනතුරුව යාපනය රියො අයිස් ක්‍රීම් වෙළඳසැලට පැමිණි ජනාධිපතිවරයා අයිස් ක්‍රීම් රස බැලීමටද අමතක නොකළේය.

meet-and-greet නමින් සංවිධානය කර තිබු මෙම අවස්ථාවට අධ්‍යාපන, ක්‍රීඩා, නාට්‍ය හා චිත්‍රපට කලාව, සමාජ මාධ්‍ය යන ක්ෂේත්‍ර ඔස්සේ උතුරු පළාත තුළ විශිෂ්ඨතා දැක්වූවන් පිරිසක් ද එක්ව සිටී අතර ඔවුන් සමග සුහද කථා බහක නිරත වු ජනාධිපතිවරයා සුබපැතුම් ද පිරිනැමීය.

IMG 20240107 WA0004

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න