නෙම්සිරි ජයතිලක මහතා චින්තන පර්ෂදයේ ලේකම් ලෙස අදහස් දක්වා තිබිණි. සිංහල-බෞද්ධ සාරධර්මවලට අනුව නම්, ජයතිලක මහතා එලෙස කටයුතු කිරීමෙන් වැළකීය යුතු ය. මන්ද ඔහු චින්තන පර්ෂදයේ බහුතරයකින් ප්‍රතික්ෂේප වූ බැවිනි. ජයතිලක, සමන්ත ඇතුළු සුළු පිරිසක ගේ වුවමනාවට, අප එපා කියද්දී පූජ්‍ය බෙංගමුවේ නාලක හිමිපාණන් චින්තන පර්ෂදයේ ලේකම් තනතුර සඳහා ඡන්දයක් පැවැත්වූ අතර, ඉන් ජයතිලක මහතා පරාජයට පත්විය.
එහි දී අපි චින්තන පර්ෂදයේ සමගිය වෙනුවෙන් ඉතා වැදගත් යෝජනාවක් ඉදිරිපත් කළෙමු. පූජ්‍ය බෙංගමුවේ හාමුදුරුවෝ ඊ ළඟට භාණ්ඩාගාරික තනතුර සඳහා ඡන්දය විමසීමට සූදානම් වූ අවස්ථාවේ, මිත්‍රත්වයේ හස්තය ජයතිලක මහතාට දිගු කරමින්, භාණ්ඩාගාරික තනතුර නිතරගයෙන් භාරගෙන චින්තන පර්ෂදයේ සමඟිය රැකීමට මා කළ යෝජනාව ප්‍රතික්ෂේප කරමින් ජයතිලක, සමන්ත ඇතුළු පිරිස සභාවෙන් ඉවත් ව යෑම ශෝචනීය ය.
එසේ, බහුතරයෙන් ප්‍රතික්ෂේප වී, සමගිය වෙනුවෙන් දිගු කළ දෑත් ප්‍රතික්ෂේප කර, ඉවත්වීගිය පිරිස ඉන් පසු පූජ්‍ය නාලක හිමිපාණන් ගේ ගෞරවය ද කෙලෙසමින් ලිච්ඡවි රජදරුවන් ගේ සමගියෙන් රැස්වීමේ, සමගියෙන් කටයුතු කිරීමේ, සමගියෙන් විසිර යෑමේ ආදර්ශයට සහමුලින් පටහැනි ව, ජනසම්මතවාදයට ඉඳුරා පටහැනි වූ, ව්‍යවස්ථාවක් සම්මත කරගැනීමට තැත් කළෝ ය. ඒ ද බහුතරයෙන් ප්‍රතික්ෂේප වන බව පෙනුණ කළ යොදාගත්තේ සිංහල-බෞද්ධ සාරධර්මයන්ට ඉඳුරා පටහැනි බලහත්කාරය යි.
මේ නිසා අපට (කපිල පීරිස් තුසීත් ඇලපාත, රන්දීමා ජයසූරිය, සනත් නොඩිතුවක්කු, ජීවප්‍රිය තිලකරත්න, තිළිණ කළුපෙරුම, සංජීව විජේසිංහ සමග මට) කණගාටුවෙන් මුත් චින්තන පර්ෂදයේ කටයුතුවලින් ඉවත්වීමට සිදුවිය. මේ සම්බන්ධයෙන් අප මේ දක්වා නිහඬ පිළිවෙතක් අනුගමනය කළේ, නලින් ද සිල්වා ඇදුරුතුමා ගේ දෙ වන ගුණ සමරුවට බධා නොවනු පිණිස ය.
අද සිංහලයා ගේ අභාග්‍යයට හේතු වී ඇත්තේ මෙ ලෙස පොදු සම්මුතීන්ට එළඹීමට දක්වන මැළිකම ය; පොදු එකඟතාවන්ට නොඑළැඹීම ය.
ඉහත චින්තන පර්ෂද රැස්වීමක දී ජයතිලක මහතා ප්‍රකාශ කළේ චින්තන පර්ෂදය නලින් ද සිල්වා ඇදුරුතුමා ගේ ගුණසමරු පැවැත්වීමට සීමා වූ සංවිධානයක් විය යුතු බව ය. චින්තන පර්ෂදය නිර්මාණය කළේ රට-ජාතිය වෙනුවෙන් මැදිහත් වන්නට ය; රකින්නට ය; වවන්නට ය. ඒ ඓතිහාසික මැදිහත්වීම අත්‍යවශ්‍ය මොහොතක, ඉන් පළා යෑම නලින් ද සිල්වා ඇදුරුතුමාට ද කරන අවමානයකි; අගෞරවයකි. එතුමා සැබෑ ලෙස සැමරිය හැක්කේ අප ගේ චින්තනය මත දැනුම නිර්මාණය කිරීමට කැපවීමෙනි. ඒ ලෙස නිර්මාණය කරන දැනුම යොදාගෙන, මවුබිමේ ස්වාධිපත්‍යය, ස්වෛරීයත්වය, භෞමික අඛණ්‌ඩතාව සුරැකීමට කැපවීමෙනි.
ඒ යුතුකම ඉටු කිරීමට ඉදිරියේ දී ද ශක්ති පමණින් කැපවෙන බව මෙ සේ සපථ කරමු!
ගෙවිඳු කුමාරතුංග
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
