චීනයෙන් නවීන තාක්ෂණයෙන් යුතු සහල් මෝලක් !

චීනයෙන් නවීන තාක්ෂණයෙන් යුතු සහල් මෝලක් !

අඟුණකොළපැලැස්ස ජඳුර ප්‍රදේශයට නව තාක්ෂණයෙන් යුත් සහල් මෝලක් ලබා දීමට චීනයේ හයිනෑන් ප්‍රාන්ත රජය එකඟතාවය පළ කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

සහල් නිෂ්පාදනය සඳහා දැවැන්ත ඒකාධිකාරයක් පවතින අතර සහල් මිල තීරණය කරන්නේ එම ඒකාධිකාරයේ සිටින සහල් මෝල් අයිතිකරුවන් කිහිප දෙනෙක් විසින් බවත් එම අධිකාරය බිදීමට නම් රජය සතුව ඉහළ තාක්ෂණයෙන් යුත් සහල් මෝල් කිහිපයක් ක්‍රියාත්මක කළ යුතු බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි .

රජයට එම කාර්ය තනිවම කළ නොහැකි නිසා ජඳුර හා ගුරුවල තරුණ පිරිස යොදා ගනිමින් චීන සහල් සැකසීම් මධ්‍යස්ථානය සඳහා සමුපකාර වැඩ පිළිවෙළක් සකස් කරන බවහ අමාත්‍යවරයා පවසයි .

චීන සහල් මෝල මගින් සමස්ත දකුණු පළාතේම නිෂ්පාදනය කරන වී සහල් බවට පත් කර රටපුරා බෙදා හැරීමට හැකි වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න