Image

වනාටු දිවයින් සමූහයේ ප්‍රබල භූ කම්පනයක්

වනාටු දිවයින් සමූහයේ ප්‍රබල භූ කම්පනයක්

‍වනාටු දිවයින් හි අද (19) රිච්ටර් මාපක 6ක ප්‍රබල භූ කම්පනයක් සිදු ඇතැයි, ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය පැවසී ය.

එය පෘථිවි අභ්‍යන්තරයේ කි.මී.10ක දුරින් සිදුව ඇතැයි ද වාර්තා වේ. භූ කම්පනයෙන්, පැසිෆික් වෙරළ කලාපයට සුනාමි තර්ජනයක් නැතැයි, එක්සත් ජනපද සුනාමි අනතුරු ඇඟවීම් පද්ධතිය මගින් සනාථ කර ඇත.

වනාටු දිවයින්, පැසිෆික් ගිනි වළල්ලේ පිහිටා තිබේ. බලධාරීන් විසින් වයලා වරාය අගනුවර සහ සෙසු කලාපයන්හි, භූ කම්පනයෙන් සිදු වූ හානිය පිලිබඳ තක්සේරු කිරීම් ආරම්භ කර ඇත.

2024 වසරේ දෙසැම්බර මස එහි සිදු වූ රිච්ටර් මාපක 7.3ක භූ කම්පනයෙන් ඉමහත් හානි සිදු විය. වයලා වරාය අගනුවරින් විශාල ජීවිත සහ දේපල හානි වාර්තා විය.

සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්

මුලාශ්‍රය : Earthquake of magnitude 6 strikes Vanuatu islands, GFZ says

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න