නැගෙනහිර පළාත් තැපැල් පරිපාලන සංකීර්ණය ජනතා අයිතියට

නැගෙනහිර පළාත් තැපැල් පරිපාලන සංකීර්ණය ජනතා අයිතියට

මඩකලපුව නගරයේ ඉදිකරන ලද නැගෙනහිර පළාත් තැපැල් පරිපාලන සංකීර්ණය ජනතා අයිතියට පත් කිරීම ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් ඊයේ(06) සිදු කෙරිණි.

තැපැල් දෙපාර්තමේන්තුවේ ප්‍රතිපාදන යටතේ රු. මිලියන 448ක ආයෝජනයකින් ඉදිකළ මෙම පස් මහල් තැපැල් පරිපාලන සංකීර්ණය තුල නැගෙනහිර නියෝජ්‍ය තැපැල්පති කාර්යාලය,ප්‍රාදේශීය තැපැල් අධිකාරී කාර්යාලය,දිසා පාලන නිලධාරී කාර්යාලය,දිසා ගණකාධිකාරී කාර්යාලය, තැපැල් අභ්‍යාස ආයතනය ඇතුළු අංශ රැසක් ස්ථාපනය කර ඇත.

ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර, ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් , ආහාර සුරක්ෂිතතා සහ වෙළඳ රාජ්‍ය අමාත්‍ය එස් වියලෙන්ද්‍රන් ,ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් අනුෂ පැල්පිට, මඩකලපුව දිස්ත්‍රික් ලේකම් ජේ. ජේ. මුරලිදරන් , තැපැල්පති රුවන් සත්කුමාර  ඇතුළු ආරාධිතයින් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න