ගුරුන් ඇතුළු වෘත්තීය සමිති ෂයිලොක්ට අඳියි : 20000 ම ඉල්ලයි !

ගුරුන් ඇතුළු වෘත්තීය සමිති ෂයිලොක්ට අඳියි : 20000 ම ඉල්ලයි !

පාර්ලිමේන්තුවට ඊයේ (13) ඉදිරිපත් කෙරුණු 2024 අයවැය සම්බන්ධයෙන් අප්‍රසාදය පළ වෘත්තිය සංගම් රැසක් අද (14) අවධාරණය කළේ රාජ්‍ය සේවකයින්ට ලැබිය යුතු රුපියල් 20,000ක වැටුප් වැඩිවීම වෙනුවෙන් අඛණ්ඩව අරගල සිදුකරන බවය.

එහිදී ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් සඳහන් කළේ,

"ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය ගැන වචනයක්වත් නැහැ. අපිට ආණ්ඩුවට කියන්න තියෙන්නේ.. ලෑස්තිවෙන්න... අපේ අරගලයට මුහුණ දෙන්න." කියාය.

ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ එහිදී අදහස් දක්වමින් සඳහන් කර සිටියේ

"දෙසැම්බර් 02 අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය විවාද වෙන දවස. එදාට පාර්ලිමේන්තු වටරවුම ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වන්න අපි තීරණය කරලා තිබෙනවා." යනුවෙනි .

කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආර්ථික විශ්ලේෂකයකු සඳහන් කර සිටියේ පවතින ආර්ථික තත්ත්වය හමුවේ රුපියල් 10000 ක වැටුප් වැඩිවීමක් ලබාදීම පවා දුෂ්කර කටයුත්තක් බවය. ඒ ගැන දැනුම් තේරුම් ඇති ගුරු වෘත්තීය සමිති පවා ෂයිලොක් පන්නයේ හැසිරීමක් දැක්වීම ඔවුන්ගේ වෘත්තීය ගෞරවයට පවා හානිකර බවත් ඔහු පැවසීය .

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න