මැතිසභා ගුටි බැට හුවමාරුව : විමර්ශන වාර්තාව කතානායකට !

මැතිසභා ගුටි බැට හුවමාරුව : විමර්ශන වාර්තාව කතානායකට !

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ සහ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් වන සුජිත් සංජය පෙරේරා සහ රෝහණ බණ්ඩාර අතර පාර්ලිමේන්තුවේදී සිදු වූ ගුටිබැට හුවමාරුව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ කමිටුවේ වාර්තාව එම කමිටුවේ සභාපති නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ විසින් කතානායක මහින්ද යාපා අබේවර්ධන වෙත අද (14) බාරදෙනු ලැබීය.

මෙම ගුටිබැට හුවමාරුව සිදු වී තිබුණේ පසුගිය ඔක්තෝබර් මස 20 වැනිදාය.

ඒ පිළිබඳව විමර්ශනය සඳහා මෙම කමිටුව පත් කරනු ලැබුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන විසිනි.

අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ , රාජ්‍ය ඇමතිනී සීතා අරඹේපොල , චමල් රාජපක්ෂ, ගයන්ත කරුණාතිලක, ඉම්තියාස් බාකීර් මාකාර්, නීතිඥ තලතා අතුකෝරල යන මැති ඇමතිවරු මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් වූහ.

එම සිද්ධිය පිළිබඳව විමර්ශන පැවැත්වීම සඳහා කමිටුව සිවුවතාවක් රැස්ව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් නම සඳහන් වූ රාජ්‍ය අමාත්‍යවරිය සහ මන්ත්‍රීවරුන් දෙදෙනාගෙන් කමිටුව කරුණු විමසා තිබේ.

ඊට අමතරව සිද්ධිය ඇසින් දුටු පියල් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයාගෙන්ද කමිටුව ප්‍රකාශ සටහන් කර ගෙන ඇත .

කමිටු වාර්තාව බාර දීමේ අවස්ථාවට පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න ද සහභාගී විය.

එම සිද්ධියේදී රාජ්‍ය අමාත්‍යවරිය සහ මන්ත්‍රීවරුන් දෙදෙනා පාර්ලිමේන්තුවේ ගෞරවයට හානියක් කර ඇති බව මූලික පරීක්ෂණවලදී තොරතුරු හෙළි වී යැයි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මෙයට පෙර නිකුත් කළ නිවේදනයක සඳහන් විය.

කමිටු වාර්තාව අධ්‍යයනය කිරීමෙන් පසුව කතානායකවරයා සුදුසු තීරණයක් ගනු ඇතැයි ද වාර්තා වෙයි .

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න