වත්මන් ආර්ථික අර්බුදයට ගෝඨා, මහින්ද, බැසිල් වගකිව යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

වත්මන් ආර්ථික අර්බුදයට ගෝඨා, මහින්ද, බැසිල් වගකිව යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ ,බැසිල් රාජපක්ෂ ඇතුළු වගඋත්තරකරුවන්ගේ වැරදි ආර්ථික කළමනාකරණ තීරණ හේතුවෙන්, ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි, ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මහිම් මෙන්ඩිස්, ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න, ජූලියන් බෝලිං, ජෙහාන් කනකරත්න සහ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය විසින් ගොනු කරනු ලැබ තිබුණු මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගැනීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබා දී ඇත.

ඒ 2019 සිට 2022 දක්වා කාලය තුළ ගත් වැරදි ආර්ථික කළමනාකරණ තීරණ හේතුවෙනි.

අගවිනිසුරු ජයන්ත ජයසූරීය, බුවනෙක අලුවිහාරේ, විජිත් මලල්ගොඩ හා මුර්දු ප්‍රනාන්දු යන විනිසුරුවරු මෙම තීරණය ප්‍රකාශයට පත් කළහ.

නමුත් මෙම නඩුව සලකා බැලූ පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ, ප්‍රියන්ත ජයවර්ධන  එම තීන්දුවට විරුද්ධ වී තිබේ.

හිටපු ජනාධිපති ලේකම්, පී. බී ජයසුන්දර. හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, හිටපු මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්.ආටිගල, හිටපු මහ බැංකු අධිපතිවරයකු වන මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂමන් යන නඩුවේ සෙසු වග උත්තරකරුවන් වෙයි.

ගෝඨාභය රාජපක්ෂ  බලයට පත්වීමෙන් පසු ව්‍යාපාරිකයන්ට ප්‍රදානය කළ රුපියල් බිලියන 681 ක බදු සහනය, වත්මන් ආර්ථික අර්බුදය නිර්මාණය වීමට ප්‍රධාන හේතු බව අදාළ පෙත්සමින් පෙන්වා දී ඇත.

ඊට අමතරව ඩොලරය රුපියල් 203 සීමාවේ පවත්වාගෙන යාම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගැනීමේ ප්‍රමාදය, විදේශ විනිමය හිඟයක් තිබියදී අමෙරිකානු ඩොලර් මිලියන 500ක ස්වෛරී බැදුම්කර ආපසු ගෙවීම ඇතුළු, වැරදි ආර්ථික කළමනාකරණ තීන්දු කිහිපයක් ඊට ඇතුළත් විය.

අද මෙම පෙත්සම් සලකා බැලීමෙන් පසුව පෙත්සම්කරුවන්ට රුපියල් එක්ලක්ෂ පනස් දහස බැගින් ගෙවන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේ ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න