ලෝක තෙල් මිල ඉහළට; සැපයුම තහවුරු කිරීමට G7 රටවල් සූදානම් වෙයි

ලෝක තෙල් මිල ඉහළට; සැපයුම තහවුරු කිරීමට G7 රටවල් සූදානම් වෙයි

ඇමරිකාව සහ ඊශ්‍රායලය, ඉරානය සමග ඇති කරගෙන තිබෙන යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ.

මෙම තත්ත්වය හමුවේ ගෝලීය බලශක්ති සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය ඕනෑම "විශේෂ පියවරක්" ගැනීමට සූදානම් බව G7 රටවල් ප්‍රකාශ කර සිටියි.

උපායමාර්ගික තෙල් සංචිත ගැන එකඟතාවක් නැත

පවතින අර්බුදය සම්බන්ධයෙන් G7 රටවල මුදල් අමාත්‍යවරුන් සහ ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය (IEA) අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. එහි දී සිය රටවල් සතු උපායමාර්ගික බොරතෙල් සංචිත (Strategic Crude Reserves) වෙළඳපොළට නිකුත් කිරීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ නමුත්, ඒ පිළිබඳව අවසන් එකඟතාවයකට පැමිණීමට නොහැකි වී ඇත.

තෙල් මිලෙහි උච්චාවචනය
පසුගිය සඳුදා  ලෝක වෙළඳපොළේ තෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 120 සීමාවට ආසන්න විය. තෙල් සැපයුමට දිගුකාලීන බාධා එල්ල වනු ඇතැයි යන බිය හේතුවෙන් මෙලෙස මිල ඉහළ ගිය ද, ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප්, යුද්ධය ඉක්මනින් අවසන් වනු ඇතැයි යන බලාපොරොත්තුව පළ කිරීමත් සමග මිල නැවතත් පහළ බැස තිබේ.

වෙළඳපොළ තත්ත්වය බරපතළයි
වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැති මෙම හමුවේ දී ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ ප්‍රධානී ෆාති බිරෝල් (Fatih Birol)  අවධාරණය කළේ පසුගිය දින කිහිපය තුළ ගෝලීය තෙල් වෙළඳපොළ තත්ත්වය ඉතාමත් අයහපත් අතට හැරී ඇති බවයි. වෙළඳපොළ ස්ථාවර කිරීම සඳහා සංචිතවල ඇති තෙල් නිකුත් කිරීමේ විකල්පය තවදුරටත් අවධානයට යොමු වී පවතින බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

|BBC

G7 to take 'necessary measures' to support energy supplies

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න