ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රය සහ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා රජය විසින් ගෙන ඇති ප්‍රධාන පියවර හතක සාරාංශය මතු දැක්වේ.
01 පියවර: කොළොන්නාවට නව තෙල් ටැංකි 08ක්
*මෙට්‍රික් ටොන් 86,000ක ධාරිතාවයකින් යුත් මෙම නව තෙල් ටැංකි අටෙහි වැඩ කටයුතු දැනටමත් ආරම්භ කර ඇත.
*මෙම ව්‍යාපෘතිය සඳහා වැය වන බරපැන රුපියල් බිලියන 05කි.
02 පියවර: මුතුරාජවෙල නව ගබඩා සංකීර්ණය
*මුතුරාජවෙල ඉදිවන නව ගබඩා සංකීර්ණයේ ධාරිතාවය මෙට්‍රික් ටොන් 44,000කි.
*මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 3.5ක පිරිවැයක් ඇස්තමේන්තු කර ඇති අතර, එය ටෙන්ඩර් ප්‍රදානයේ අවසාන අදියරේ පවතී.
03 පියවර: මුතුරාජවෙල සිට කටුනායක දක්වා නව නල මාර්ගයක් සහ තෙල් ගබඩා සංකීර්ණය
*මුතුරාජවෙල සිට කටුනායක දක්වා ගුවන්යානා තෙල් සැපයීමට නව නළ මාර්ගයක් ඉදිකිරීම සිදු කෙරේ.
*මෙමගින් Jet A-1 ඉන්ධන ගබඩා ධාරිතාවය මෙට්‍රික් ටොන් 63,000 කින් ඉහළ නැංවෙනු ඇත.
*රුපියල් බිලියන 16ක ඇස්තමේන්තු ගත පිරිවැයක් සහිත මෙම ව්‍යාපෘතිය මගින් වර්තමාන ඉල්ලුමට අනුව දින 40 කට වඩා වැඩි කාලයකට අවශ්‍ය ගුවන්යානා ඉන්ධන ගබඩා කර තබා ගැනීමේ හැකියාව ලැබේ.
04 පියවර: ත්‍රිකුණාමලයේ තෙල් ගබඩා සංකීර්ණය ප්‍රතිසංස්කරණය
*ත්‍රිකුණාමලය තෙල් ගබඩා සංකීර්ණයේ පළමු අදියර යටතේ තෝරාගත් ටැංකි හතරක් ප්‍රතිසංස්කරණය කෙරෙන අතර, ඉන් ටැංකි දෙකක වැඩ අවසන්ව ඇත.
*මුහුදේ සිට ගොඩබිමට ඉන්ධන ප්‍රවාහනය සඳහා රුපියල් බිලියන 7.37ක පිරිවැයකින් නව නළ පද්ධතියක් ඉදිකිරීමට ටෙන්ඩර් කැඳවා ඇත.
*මෙය සම්පූර්ණ වීමෙන් පසු මෙට්‍රික් ටොන් 40,000 ක අතිරේක ගබඩා ධාරිතාවක් පද්ධතියට එක්වේ.
05 පියවර: සම්පූර්ණ ගැන්ට්‍රි පද්ධතිය (Gantry System) ස්වයංක්‍රීය කිරීම
*නෞකාවකින් තෙල් ගොඩ බෑම සඳහා දැනට ගතවන දින පහක කාලය, ගැන්ට්‍රි පද්ධතිය ස්වයංක්‍රීය කිරීම හරහා දින දෙකක් දක්වා අඩු කිරීමට අපේක්ෂා කෙරේ.
*රුපියල් බිලියන 1.5ක ඇස්තමේන්තුගත පිරිවැයක් සහිත මෙම ව්‍යාපෘතිය මගින් නෞකා ප්‍රමාද ගාස්තු (Demurrage) අවම කර ගත හැකි ය.
06 පියවර: කොළොන්නාව සිට වරාය දක්වා නව තෙල් නල මාර්ගය
*වසර 90කට වඩා පැරණි, නිතර තෙල් කාන්දු වන පද්ධතිය වෙනුවට අඟල් 14 සහ අඟල් 18 ප්‍රමාණයේ නව නළ මාර්ග දෙකක් එළීම සිදු කෙරේ.
*රුපියල් බිලියන 12.8ක ඇස්තමේන්තුගත පිරිවැයක් සහිත මෙම ව්‍යාපෘතිය සඳහා ටෙන්ඩර් කැඳවීමට සැලසුම් කර ඇත.
07 පියවර: කොළොන්නාව සිට කැලණිතිස්ස දක්වා නව නැප්තා (Naphtha) නළ මාර්ගය
*අබලන් වූ පැරණි නළ පද්ධතිය නිසා සිදුවන අනතුරු වළක්වා ගනිමින් කාර්යක්ෂම ඉන්ධන සැපයුමක් සහතික කිරීම සඳහා රුපියල් බිලියන 1.5ක පිරිවැයකින් මෙම නව මාර්ගය ඉදිකරනු ඇත.
*මෙම ව්‍යාපෘතිය සඳහා දැනටමත් ටෙන්ඩර් කැඳවා ඇති අතර, එය අවසන් අදියරේ පවතී.
සමස්ත ආයෝජනය: මෙරට බලශක්ති යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් රජය රුපියල් බිලියන 30කට අධික මුදලක් ආයෝජනය කර ඇත.

