විදුලිබල මණ්ඩලය ඉතිහාසයට එක්වෙයි: සමාගම් 6ක වැඩ අද ඇරඹේ.

විදුලිබල මණ්ඩලය ඉතිහාසයට එක්වෙයි: සමාගම් 6ක වැඩ අද ඇරඹේ.

දශක ගණනාවක් මෙරට බලශක්ති ක්ෂේත්‍රයේ ඒකාධිකාරය දැරූ ලංකා විදුලිබල මණ්ඩලය (CEB) නිල වශයෙන් අහෝසි කරමින්, එය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අද (09) සිට බලාත්මක වන බව රජය නිවේදනය කරයි.

2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලිබල පනතේ ප්‍රතිපාදන අනුව නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනය මගින් මෙම වෙනස සිදු කර ඇත.

ඒ අනුව, මින් ඉදිරියට විදුලිබල උත්පාදනය, සම්ප්‍රේෂණය සහ බෙදාහැරීමේ කටයුතු අනුප්‍රාප්තික සමාගම් 06ක් හරහා සිදු කිරීමට නියමිත ය.

අලුතින් පත් කළ සාමාන්‍යාධිකාරීවරුන්
විදුලිබල මණ්ඩලය වෙනුවට පිහිටුවන ලද නව සමාගම් හයෙන් ප්‍රධාන සමාගම් තුනක් සඳහා නව සාමාන්‍යාධිකාරීවරුන් පත් කිරීමට පියවර ගෙන ඇත:

ඉංජිනේරු K.S.I කුමාර – Electricity Distribution Lanka පෞද්ගලික සමාගම (විදුලි බෙදාහැරීමේ කටයුතු).

ඉංජිනේරු සාලිය පණ්ඩිතරත්න – Electricity Generation Lanka පෞද්ගලික සමාගම (විදුලි උත්පාදන කටයුතු).

ඉංජිනේරු එන්. එස්. වෙත්තසිංහ – ජාතික සම්ප්‍රේෂණ පද්ධති සේවා සැපයුම් පෞද්ගලික සමාගම (සම්ප්‍රේෂණ කටයුතු).

ප්‍රතිව්‍යුහගත කිරීමේ අරමුණ
මෙම නව ක්‍රමවේදය යටතේ විදුලිබල උත්පාදනය, සම්ප්‍රේෂණය, බෙදාහැරීම සහ පද්ධති මෙහෙයුම් යන සියලු අංශ වෙන් වෙන් වශයෙන් පාලනය වන ස්වාධීන සමාගම් හරහා මෙහෙයවයි. විදුලිබල ක්ෂේත්‍රයේ කාර්යක්ෂමතාව වැඩිකිරීම සහ මූල්‍යමය විනිවිදභාවයක් ඇති කිරීම මෙහි ප්‍රධාන අරමුණ යි.

පසුගිය දා නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව, මෙම අනුප්‍රාප්තික සමාගම් වෙත මණ්ඩලයේ පැවති සියලු කාර්යයන් සහ රාජකාරි අද සිට නිල වශයෙන් පැවරෙනු ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න