ලංකා රජයේ වැඩ ගැන IMF වෙතින් සහතිකයක් !

ලංකා රජයේ වැඩ ගැන IMF වෙතින් සහතිකයක් !

වර්මානයේ පවතින ආර්ථික අභියෝගවලට මුහුණදීම සඳහා ශ්‍රී ලංකා රජය කටයුතු කරන ආකාරය සහ එම ක්‍රියාවලිය සම්බන්ධයෙන් තමන් සතුටු වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා  පවසයි.

ශ්‍රී ලංකා ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා ආර්ථික ප්‍රතිසංස්කරණවලට ඉදිරියේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාදීමට කටයුතු කරන බවද ඇය සඳහන් කර ඇත.

ඇය මේ බව සඳහන් කර තිබෙන්නේ පැරිස් සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (22) ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මුණගැසීමෙන්  අනතුරුව  ට්විටර් සටහනක් තබමින් ය.

නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුවට සහභාගීවීම සඳහා ‍ජනාධිපති රනිල් වික්‍රමසිංහ  ප්‍රංශයේ පැරිස් නුවරට ගොස් සිටී.

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන්  විසින් කළ ආරාධනයකට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රංශයේ පැවැත්වෙන මෙම සමුළුවට සහභාගීව සිටියි.

ජුනි මස 22 සහ 23 යන දෙදින තුළ පැවැත්වෙන සමුළුවේ මෙවර තේමාව වනුයේ  "වත්මන් ලෝකය මුහුණ දී ඇති දැවෙන අභියෝගවලට විසඳුම් සෙවීම" යන්නය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න