පාර්ලිමේන්තු අයවැය කාර්යාලය - පනත් කෙටුම්පත සම්මතයි !

පාර්ලිමේන්තු අයවැය කාර්යාලය - පනත් කෙටුම්පත සම්මතයි !

පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී අද (20) පස්වරුවේ සම්මත විය.

පනත් කෙටුම්පත පිළිබඳ දෙවන වර කියවීමේ විවාදය අද (20)පෙරවරු 10.30 සිට පස්වරු 4.30 දක්වා පැවැතිවිණ. විවාදයේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු විස්සකට වැඩි පිරිසක් අදහස් දැක්වූහ.

පනත් කෙටුම්පත ඉදිරිපත් කරමින් පළමු කතාව පැවැත්වූයේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ය.

පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පිහිටුවීම සඳහාද පාර්ලිමේන්තු අයවැය නිලධාරියාගේ බලතල කාර්ය කාර්යය සහ කර්තව්‍යය නිශ්චිතව දැක්වීම සඳහාද ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කරණා සඳහාද විධිවිධාන සැලැස්වීම පිණිස මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කෙරෙන බව එහි සඳහන් වේ.

මෙය පාර්ලිමේන්තුවට වගකියන ආයතනයක් බවද එහි වැඩිදුරටත් දැක්වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න