ජාතික සම්පතක් කියූ තෙලේ සෙල්ලම් : විගණන වාර්තාවෙන් එළියට !

ජාතික සම්පතක් කියූ තෙලේ සෙල්ලම් : විගණන වාර්තාවෙන් එළියට !

ඛනිජ තෙල් සංස්ථා සේවකයින් 391 දෙනකුගේ හෙවත් සමස්ත සේවකයින්ගෙන් 17% කගේ අතිකාල ඔවුන්ගේ මූලික වැටුපෙන් 100% ඉක්මවා ඉහළ ගොස් ඇති බව ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.

ජාතික විගණන කාර්යාලය සිය නවතම වාර්තාවෙන් මේ බව අනාවරණ කර ඇත .

තවද මේ අතර මෙම වාර්තාවේ සඳහන් වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සිටින සේවකයින් 2,296 දෙනා අතුරින් සේවකයන් 998 දෙනෙකුගේ අතිකාල දීමනා ඔවුන්ගේ මූලික වැටුපෙන් 50% ඉක්මවා තිබේ.

එසේම මෙරට ඉන්ධන අර්බුදය උග්‍රව පැවැති සමයේ ඉන්ධන තොග අක්‍රමවත් අයුරින් බෙදාහැරීම පිළිබඳ තොරතුරු රැසක් එහි සඳහන් ය.

ඊට අනුව එම සමයේ පෙට්‍රෝලියම් නිෂ්පාදන තොග ප්‍රමාණවත් නොවීම හේතුවෙන් දීපව්‍යාප්ත බෙදාහැරීම් ප්‍රමුඛතා ලැයිස්තු තෙල් සංස්ථාව විසින් දිනපතා ලබා දෙනු ලැබීය.

නමුත් විගණන වාර්තාවේ සඳහන් වන්නේ 2022 වසරේ ජුනි 07 වැනිදා සහ 18 වැනිදා අතර කාලයේ තෙල් සංස්ථාව ලියාපදිංචි අලෙවිකරුවන් 1,143 දෙනෙකුගෙන් 120 දෙනෙකුටම කිසිදු පෙට්‍රල් තොගයක් ලබාදී නොමැති බවය.

කෙසේ වෙතත් මෙම සමයේදී අලෙවි නියෝජිතයින් 08 දෙනෙකුට එක් අයෙකුට ලීටර් 210,000කට වඩා පෙට්‍රල් තොග ලබාදී ඇති බව විගණනයේදී හෙළිදරව් වී ඇත .

එමෙන්ම අලෙවි නියෝජිතයින් 73 දෙනෙකුට මෙම සමයේ ලංකා ඔටෝ ඩීසල් තොග බෙදාහැරීමක් සිදුකර නැතැයි ද එම වාර්තාව පවසයි .

එහෙත් එක් අයකුට ලංකා ඔටෝ ඩීසල් ලීටර් 200,000කට වඩා ප්‍රමාණය බැගින් අලෙවි නියෝජිතයින් 17 දෙනෙකුට තොග ලබා දී තිබූ බවද එම වාර්තාවේ සඳහන් වෙයි.

පෝලිම් බහුලව පැවති එම සමයේ ඛනිජ තෙල් නිෂ්පාදන ඇණවුම් 2,509ක් බෙදා හැර තිබූ නමුත් ප්‍රමුඛතා ලැයිස්තුවට ඇතුළත් ඛනිජ තෙල් ඇණවුම් 2,524 ක් තොග ගබඩා පර්යන්ත සමාගම අලෙවි නියෝජිතයන් වෙත බෙදා දී නොතිබූ බවත් වාර්තාවේ දැක්වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න