ශ්‍රී ලංකා නාවික හමුදාව, දෙවුන්දරට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී හෙරොයින් සහ අයිස් බවට සැක කෙරෙන මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ධජ රහිත යාත්‍රාවක් සමඟ සැකකරුවන් හත් දෙනෙකු (07) අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ.
නාවික හමුදාව දේශීය හා විදේශීය බුද්ධි අංශ සහ සමුද්‍රීය හවුල්කරුවන් සමඟ එක්ව ශ්‍රී ලංකාවේ අනන්‍ය ආර්ථික කලාපයෙන් ඔබ්බට දියත් කළ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
ඒ අනුව, නාවික හමුදා භාරයට ගත් අදාළ යාත්‍රාව සහ සැකකරුවන් වැඩිදුර විමර්ශන සහ නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දීමට මේ වන විට ගොඩබිමට රැගෙන එමින් සිටින බව නාවික හමුදාව පවසයි.
ඉන්දියානු සාගරයේ ඇති නෞකා ගමන් මාර්ග ඔස්සේ නිදහස් මුහුදු ගමනාගමනය තහවුරු කිරීම වෙනුවෙන්, ශ්‍රී ලංකා නාවික හමුදාව කලාපීය සහ ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ සිදුකල ශක්තිමත් සම්බන්ධීකරණයක ප්‍රතිඵලයක් ලෙස මෙම මෙහෙයුම සාර්ථකව සිදුකිරීමට හැකි වූ බව ආදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
