ශ්‍රීලනිපයේ බලය : 16 කණ්ඩායම අතට ?

ශ්‍රීලනිපයේ බලය : 16 කණ්ඩායම අතට ?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර පක්ෂයේ තනතුරුවලින් ඉවත්කොට පක්ෂයේ දේශපාලන කටයුතු තම පාර්ශවයට පවරන ලෙස ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රීලනිප 16 කණ්ඩායම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇතැයි වාර්තා වෙයි.

පක්ෂය මුහුණදී සිටින දේශපාලන අර්බුදය විසඳීමට සහ දැඩි පසුබෑමෙන් පක්ෂය මුදවාගෙන යළිත් ජයග්‍රාහී මාවතට ගැනීම වෙනුවෙන් එම ඉල්ලීම සිදුකල බව 16 කණ්ඩායමේ ප්‍රකාශකයකු සඳහන් කර සිටියි.

16 කණ්ඩායම මෙම තීරණය ගෙන ඇත්තේ පසුගිය බදාදා පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාලගේ නිවසේ පැවති සාකච්ඡාවකදී ය.

16 කණ්ඩායමේ මෙම තීරණය ජනාධිපතිවරයාට දැනුම්දීමෙන් පසුව ඒ පිළිබඳ වැඩිදුරටත් සාකච්ඡා කිරීම සඳහා ලන්ඩනයට පැමිණ තමන් මුණගැසෙන ලෙස 16 කණ්ඩායමේ මන්ත්‍රීවරුන් 6 දෙනෙකුට දැනුම්දී ඇති බවද දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

ඒ අනුව ඩිලාන් පෙරේරා, අනුර ප්‍රියදර්ශන යාපා, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, චන්දිම වීරක්කොඩි, තිලංග සුමතිපාල, ලක්ෂ්මන් වසන්ත පෙරේරා යන මන්ත්‍රීවරුන් 6 දෙනා ලන්ඩන් බලා පිටත්ව යාමට නියමිතව සිටි නමුත් අවසාන මොහොතේ ලන්ඩන් බලා ගොස් තිබෙන්නේ ඩිලාන් පෙරේරා සහ චන්දිම වීරක්කොඩි,ලක්ෂ්මන් වසන්ත පෙරේරා පමණි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න