මහනුවර සිද්ධිවලට පොලිස් පරීක්ෂක සාජන් මේජර් දැලේ

මහනුවර සිද්ධිවලට පොලිස් පරීක්ෂක සාජන් මේජර් දැලේ

මහනුවර දිස්ත්‍රික්කයේ සිදුවූ කලහකාරී සිදුවීම් සම්බන්ධයෙන් යුද හමුදාවේ සාජන් මේජර්වරයෙක් සහ පොලිස් පරික්ෂකවරයෙක් අත්අඩංගුවට ගැනීමට නියමිත බව ත්‍රස්ත විමර්ශන කොට්ඨාස ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් තවත් සැකකටයුතු පුද්ගලයන් 100 කට වැඩි පිරිසක් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවද සඳහන් කළ අදාළ ආරංචි මාර්ග, ඊට අදාළ සියලු විමර්ශන කටයුතු පොලිස්පතිවරයා විසින් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරයට පත්කර ඇතැයිද පවසයි. මේ වන විට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ කණ්ඩායම් තුනක් මහනුවර දිස්ත්‍රික්කයේ අදාළ කලහකාරී සිදුවීම් සිදුවූ ප්‍රදේශවල සීසීටීවී කැමරා දත්ත ලබාගෙන ඇති බවත්, ඒවායින් හෙළිකරගත් තොරතුරු මත ඉදිරි විමර්ශන සිදු කරන බවත් අදාළ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී.

අදාළ සාජන් මේජර්වරයා සහ පොලිස් පරීක්ෂකවරයා මේ කලහකාරී සිදුවීම් මෙහෙයවූ බවට සැකකරන ස්ථාන දෙකක රැඳී සිට ඇති බවත් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය අනාවරණය කරගෙන තිබේ.

(රාවය)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න