පොදුරාජ්‍ය මණ්ඩලීය රජ්‍ය නායක සමුළුව පැවැත්වෙන ලන්ඩන් නුවර ලැන්කැස්ටර් හවුස් අසල එල්.ටී.ටී.ඊ හිතවාදී අධාරකරුවන් පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව විරෝධතාවයක නිරත විය.
පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව පැවැත්වුණු අවස්ථාවේ ඔවුන් මෙසේ විරෝධතාවය දක්වා සිටියේ "goback MY3" සහ "එකම විසඳුම තමිල් ඊලමයි" යනුවෙන් සඳහන් පුවරු ඔසවා දක්වමින්ය.
තානාපති ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ලෙස කටයුතු කළ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුගේ සිදුවීමට සම්බන්ධ ඩයස්පෝරා නියෝජිතයන් මෙම විරෝධතාවය සංවිධානය කරතිබූ බවය.
{gallery}london_leet{/gallery}

