සයිටම් නළු සමීර : බොරු ෂෝ නිසා ළඟදීම අත්අඩංගුවට

සයිටම් නළු සමීර : බොරු ෂෝ නිසා ළඟදීම අත්අඩංගුවට

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ප්‍රධාන විධායක ලෙස කටයුතු කළ සමීර සේනාරත්න ගමන් ගත් වාහනයට වෙඩි තැබීමේ සිද්ධිය මුළුමනින්ම ව්‍යාජ මවා පෑමක් බව පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.

ශිෂ්‍ය සංගම් ඇතුළු සයිටම් විරෝධී පාර්ශවය වෙත චෝදනා එල්ල කර ඔවුන්ව සමාජය හමුවේ අපකීර්තියට පත්කරලීම සඳහා සමීර විසින් මෙම නින්දා සහගත කටයුත්ත සැලසුම් කර ඇති බවත් ඊට රිමාන්ඩ් කර සිටින නාගරික මන්ත්‍රීවරයාද දායක කරගෙන ඇති බවත් එම ආරංචිමාර්ග සඳහන් කරයි.

අදාළ සිදුවීමේදී වාහනයට වෙඩි වැදුණු ආකාරය සම්බන්ධයෙන් පරීක්ෂණ කණ්ඩායම්වලට පළමුව මේ සම්බන්ධව සැක මතුවූ බව සඳහන් කරන පොලිස් ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ දුරකතන විශ්ලේෂණ වාර්තා ඇතුළු අනෙකුත් සාක්කි අනුව මෙය සැලසුම් සහගත රංගනයක් බවට මේ වන විට මුළුමනින්ම තහවුරුව ඇති බවය.

ඒ අනුව මෙම රංගනය සැලසුම් කිරීම සම්බන්ධයෙන් සේනාරත්න මහතා නුදුරේදීම අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් පොලිස් ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න