හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසියෙන් රතු නිවේදන නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන පරීක්ෂණවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජාත්‍යන්තර පොලීසියෙන් කළ ඉල්ලීමකට අනුව මෙම රතු නිවේදනය නිකුත් කර ඇත.
ප්‍රශ්නගත මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළ නඩු විභාගයේ සැකකරුවෙකු ලෙස නම් කර සිටින අර්ජුන මහේන්ද්‍රන් මහතා අධිකරණ නියෝග කඩකර අධිකරණයට ඉදිරිපත් නොවීම ඉදිරි විමර්ශන කටයුතු වලට බාධාවක් බැවින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසියේ සහය ඉල්ලීම සිදුකර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
