ලසන්තගේ "නෝට් පොත" චන්ද්‍ර වාකිෂ්ඨ ළඟ : විමර්ශන වලදී හෙළිවෙලා

ලසන්තගේ "නෝට් පොත" චන්ද්‍ර වාකිෂ්ඨ ළඟ : විමර්ශන වලදී හෙළිවෙලා

ජේෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ  ඝාතනයට අදාළ වැදගත් තොරතුරු ඇතුළත් බව සඳහන් ඔහුගේ සටහන් පොත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර විසින් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂකවරයෙකු හා හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වු චන්ද්‍ර වාකිෂ්ඨ වෙත ලබාදී ඇතැයි අනාවරණය වී ඇති බව වාර්තා වෙයි.

 ආරක්ෂක අංශ ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර අත්අඩංගුවට ගෙන සිදුකර ඇති ප්‍රශ්න කිරීම් වලදී මේ බව අනාවරණය වී ඇත. 

 ඒ අනුව ඉදිරියේදී හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වු චන්ද්‍ර වාකිෂ්ඨ වෙතින් ප්‍රශ්න කිරීමට නියමිත බවත් වාර්තා වන අතර අත්අඩංගුවේ පසුවන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර විසින් ලසන්ත ඝාතනයට අදාළ තවත් වැදගත් තොරතුරු ගණනාවක් හෙළිකර තිබෙන බවද දැනගන්නට ඇත. 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න