එජාප මහ ලේකම් කවුද ? : තීන්දුව ගන්න රනිල්ට පවරයි

එජාප මහ ලේකම් කවුද ? : තීන්දුව ගන්න රනිල්ට පවරයි

 එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුත්තේදී පක්ෂයේ මහ ලේකම්වරයා කවුද යන්න තීරණය කිරීමේ අවස්ථාව පක්ෂ නායකත්වයට ලබාදිය යුතු බවට තීන්දුවක් ගෙන ඇති බව වාර්තා වෙයි.

 එජාප ප්‍රතිසංවිධාන කටයුත්ත සඳහා පත්කළ සාමාජිකයන් 12 කමිටුව ඊයේ (19) අරලියගහ මන්දිරයේ රැස්වූ අවස්ථාවේ මෙම තීන්දුව ගෙන ඇති අතර පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු වලින් පසුව සිදුකරන පක්ෂයේ නව පත්වීම් සඳහා ද කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ජන්ද විමසීමක් හරහා සිදුකිරීමටද එහිදී තීරණය කර ඇත.

 එසේම පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු සඳහා ගෙන එන යෝජනා සියල්ලද පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමටද එහිදී එකඟත්වයක් ඇති කර ගෙන තිබේ.

 එජාප ප්‍රතිසංවිධාන කටයුතු අප්‍රේල් 30 ට ප්‍රථම සිදුකර අවසන් කිරීමට නියමිත අතර 26 වනදා තීරණාත්මක කෘත්‍යාධිකාරී මණ්ඩල හමුවක් සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවැත්වෙන බවද දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න