ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන විසින් රජයේ සේවයට ඇතුළත්වීමට අපේක්ෂාවෙන් සිටින පිරිසක් ලිපියක් යොමුකර තම කාර්යාලයට කැඳවා දේශපාලන බලපෑමක් සිදුකිරීමේ සුදානමක් තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක සඳහන් කරයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමුකරමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර ඇති අතර වජිර අමාත්‍යවරයා අදාළ පිරිසව 2018.04.20 වනදා පස්වරු 2.00 ට ගාල්ල උළුවිටිකේ පිහිටි ඔහුගේ කාර්යාලයට කැඳවා ඇති බවද එහි සඳහන් කර ඇත.
වජිර අමාත්‍යවරයා යොමුකළ බව සඳහන් ලිපිය

"රජයේ සේවය සඳහා බඳවා ගැනීම සම්බන්ධවයි" යනුවෙන් අමාත්‍යවරයා යවනු ලැබූ කැඳවීම් ලිපියේ සඳහන් බවත් රාජ්‍ය සේවයට ඇතුළත්වීමට අපේක්ෂාවෙන් සිටින පිරිසකට කවුරුන්හෝ මෙසේ දේශපාලන බලපෑම් කිරීම සඳහා කැඳවීම නීති විරෝධී මෙන්ම බරපතල සදාචාර විරෝධී කටයුත්තක් බවද එම ලිපියේ සඳහන් කර ඇත.
ඒ අනුව අග්‍රාමාත්‍යවරයා වෙත යොමුකර ඇති ලිපිය හරහා බිමල් රත්නායක මන්ත්‍රීවරයා අවධාරණය කර ඇත්තේ මේ අනීතික කටයුත්ත නතර කිරීමට මැදිහත්වන ලෙසය.
බිමල් මන්ත්‍රීවරයා අග්‍රාමාත්‍යවරයාට යොමුකළ ලිපිය

