අතිශය වැදගත් පණිවුඩයක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට පැවසීම යයි කියමින් හදිසියේම බ්‍රිතාන්‍ය බලා ගිය ඩිලාන් පෙරේරා හා චන්දිම වීරක්කොඩි යන හිටපු ඇමතිවරුන් මෙම සටහන ලියවෙන මොහෙත තෙක් ජනාධිපතිවරයා හමුවී නැති බව එරටින් ලැබෙන වාර්තා සනාථ කරයි.
බ්‍රිතාන්‍යයේ ඉගෙනුම ලබන සිය පුත්‍රයා බැලීම සදහා චන්දිම වීරක්කොඩි මහතා පැමිණ ඇති බවත් ඩිලාන් පෙරේරා මහතාගේ බිරිදගේ සුවදුක් බැලීමට ඔහු එහි ගොස් ඇති බවද දැනගන්නට ඇත.
එහිදී මෙම ඇමතිවරුන් දෙදෙනා සාදයකට සහභාගී වන පින්තූර සමාජ ජාලවන්හි හුවමාරු වෙමින් තිබේ.
කෙසේ වෙතත් ඉදිරි පැය කිහිපය ඇතුලත් ඔවුන් දෙදෙනා ජනාධිපතිවරයා හමුවනු ඇති බවද ආරංචි මාර්ග කියා සිටී.
උපුටා ගැනීම - ලංකා සී නිවුස්

